logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
June 25, 2023

වැසි කාලගුණයක් පවතින අවස්ථා වලදී පාරේ අනතුරු සිදුවීමට ඉඩ කඩ ගොඩක් වැඩියි. වැස්සේ වාහනය පදවද්දී මාර්ගය සහ ටයර් අතර ඝර්ෂණය වෙනස් වගේම වාහනය හැසිරෙන ආකාරයත් වෙනස්. එබැවින් වැස්සක වාහනය පදවනවා නම් පහත කරුණු අනුගමනය කිරීමට වග බලා ගන්න.

වාහනේ මේ දේවල් චෙක් කරගන්න
විශේෂයෙන් වාහනේ හෙඩ් ලයිට්, ටේල් ලයිට්, වයිපර් වගේම ටයර් කට්ටත් පරීක්ෂා කරන්න. ටයර් ගෙවිල නම් වාහනේ වැස්ස වෙලාවක ලිස්සන්න තියන ප්‍රවණතාවය වැඩියි මොකද ටයරය සහ මාර්ගය අතර ජලය සහ තෙල් තිබෙන වෙලාවක නොහිතන විදිහට වාහනයක් වංගුවකදී උනත් ලිස්සන්න පුලුවන් නිසා. මීට ලොකුම හේතුව ජලය සමග මාර්ගයේ තිබෙන තෙල් සහ අපද්‍රව්‍ය මගින් ලිහිසි පෘශ්ඨයක් හදන නිසා.

ඒ වගේම 50kmph වේගයට වඩා වැඩි වේගයෙන් යනකොට මේ අවදානම ඉතාම වැඩි බව මතක තියාගන්න.

අඩු වේගයෙන් යන්න.

වහින වෙලාවට වේගය කියන්නේ ඉතාම අති-අවදානම් ක්‍රියාවක්. වහිද්දී වාහනය වගේම ඔබත් ප්‍රතිචාර දක්වන වෙලාව අඩු වෙනවා ඒ නිසා අවදානම අනිවාර්යයෙන් වැඩියි.

Wiper භාවිත කරන්න.

පොඩි වැස්සකදී උනත් වයිපර් භාවිත නොකර යන්න එපා. මොකද ඉදිරියෙන් යන වාහන වලින් නිකුත් වන ජලය මුසු උන සියුම් පටලයක් ඔබේ වීදුරුව මත බැඳෙන්න පුලුවන් නිසා ගොඩක් වෙලාවකට ඔබට ඉදිරිපස පෙනීම අඩුවෙන්න පුලුවන්. ඉතින් නිතර ඔබේ වීදුරුව පිරිසිදුව තබා ගෙන රිය පදවන්න මතක තියාගන්න. ඒ වගේම දැන් ජලය වීදුරුව මත රැඳීම අඩුකරගන්න නොයෙකුත් ආලේපයන් පවා වෙළඳපොලේ තිබෙනවා.

වතුරෙන් යටවෙච්ච තැන් කියන්නෙ මාරකයක් වෙන්න පුලුවන්

වතුරෙන් යට උන තැනක ගැඹුර හරියට නොදැන ඔබ වාහනය අරන් යන්න හිතනව නම් ඔබ ගන්නේ ලොකුම අවදානමක් මොකද දුම් බටය තුලින් වාහනය ඇතුලට වතුර ආවොත් ඔබේ වාහනයේ එන්ජිම ක්ෂණිකව අක්‍රිය වෙනවා. ඒ වගේම ඔබගේ වාහනයේ Oxygen Sensor වැනි සෙන්සර් වලට හානි වී විශාල මුදලක් වැයවන Repair කරන්න ලොකු ඉඩක් තියනවා.වතුරෙන් යට වෙච්ච පාලමක් වගේ තැනකින් යනව නම් ඔබේ වාහනය ජලයේ පාවෙන්න ලොකු ඉඩක් තියනවා.
ඔබට යන්න පුලුවන් ගැඹුර අඩුම තැනින් ගමන් කරන්න, පාරේ මැද නම් වඩා සුදුසුයි. ඔබේ කකුල ගෑස් පෙඩල් එකෙන්(ඇක්සලරේටරයෙන්) ඉවතට ගන්න එපා, බ්‍රේක් පෙඩල් එකෙන් අවශ්‍ය නම් වේගය පාලනය කරන්න. අදික වේගය හෝ ඉතා අඩු වේගය පාවිච්චි කරන්න එපා පාලනය කල හැකි වේගයකින් යන්න.

වාහනය ලිස්සා ගියොත්

ඒ වගේම වතුරෙන් යට උන තැන් වල වාහනයේ ටයර් සහ මාර්ගය අතර ස්පර්ශය නැති වෙන එකට hydroplaning කියල කියනවා. මෙතනදි වෙන්නේ වාහනය ලිස්සා යාම ඔබ වේගයෙන් යනවා නම් ටයර් ගෙවිල නම් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්, මේ වගේ වෙලාවක කරන්න පුලුවන් හොඳම දේ, ඇක්ස්ලරේටරයෙන් කකුල ඉවතට අරගෙන ක්‍රමයෙන් වාහනය පාලයන කරගන්න එක. එක පාරට බ්‍රේක් කරන්න යන්නත් එපා මේ නිසා ලිස්සා යාම වැඩි වෙන්න පුලුවන්.

AC භාවිත කරන්න

වැස්සක වාහනය පදින වෙලාවක A/C පාවිච්චි කරන එක වඩාත් හොඳයි, මොකද වාහනය අවට වාතය සිසිල් වෙද්දී වාහනයේ වීදුරු විවෘත වෙලා නැත්නම් mist එක වීදුරුව ඇතුලෙන් බැඳෙන්න පුලුවන් නිසා, එහෙම වෙන්නේ අපේ ප්‍රාශ්වාස වාතය එක්ක පිටවෙන ජල වාෂ්ප වලින් වාහනේ ඇතුලත ආර්ධතාවය(Humidity) වැඩිවෙන නිසා, A/C පාවිච්චි කරොත් මේ දේ වෙනවා අඩුයි.

ඉතින් මේ දේවල් ඔබ දැනුවත් වී සිටීම ඔබටත් වැස්සේ වාහනය ධාවනය කරන විට ගොඩක් ඉවහල් වේවි කියල අපි හිතනවා.

Tags:

  • automan transmission
  • driving tips

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2023 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate