logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
April 9, 2025

ගෙදර වැඩට වගේම ඔයාගෙ ව්‍යාපාර කටයුතුවලටත් ගොඩක් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ලංකාවෙ වාහන මාකට් එකේ ගොඩක් ජනප්‍රිය වෑන් එකක් වන Toyota Noah කියන වෑන් එක ගැන ඔයාලට දැන ගන්න ඕනි වැදගත් දේවල් ගැනයි අද අපි කතා කරන්න යන්නෙ.දැන් අපි බලමු ඒ මොනවද කියලා.
අපි දැන් වාහන මොඩල් හදුනා ගනිමු.ඔර්ජිනල් ඩීසල් වාහනයක් නම් Model එක ඉස්සරහා CR අකුර ඉස්සරහින් දැක ගන්න පුළුවන්.ඒ කියන්නෙ CR 42,41,51,52 මේ වගේ models කිහිපයක්ම ඩීසල් මදිලියෙන් අපිට දැක ගන්න පුළුවන්.
KR 42 අලුත් Model එකේ දැක ගන්න පුළුවන් වෙන්නෙ 1800 CC EFI Engine එකක්.
1999 පසු ආපු 42 Model වල තමයි Orginal EFI Technology එකත් එක්ක වාහනය Manufacturer කරන්නෙ.
වෙළෙදපොලේ තියෙන්නෙ ගොඩක් Convet කරපු වාහනයි.එම නිසා ඔබ වාහනයක් මිලදී ගැනීමට යාමේදී පළපුරුදු කාර්මිකයකු ලවා පරීක්ෂා කර ගැනීම සුදුසුයි.

අපි Gearbox එක ගැන කතා කරමු.

Toyota Noah හි ගියර් Box Smooth Acceleration , ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ සුවපහසු රිය පැදවීමේ අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත.

Toyota Noah හි Diesel CR 41 CR 42 Auto Gearbox

Toyota Noah මාදිලි සාම්ප්‍රදායික Auto gear box සමඟ පැමිණේ, සාමාන්‍යයෙන් 4-Speed ස්වයංක්‍රීය ගියර් පෙට්ටියක්. මෙම ගියර් box නිශ්චිත ගියර් මාරු කිරීම් සමඟ වඩාත් සම්ප්‍රදායික රිය පැදවීමේ හැඟීමක් ලබා දෙයි. එය විශ්වසනීයත්වය සහ නඩත්තු කිරීමේ පහසුව ලබා දෙයි.
Toyota Noah ගියර් box කල්පැවැත්ම සහ සුමට ක්‍රියාකාරිත්වයක් සඳහා ඉදිකර ඇත.
ගොඩක් Convert කරපු වාහන වල Original ආපු Auto Gearbox වාහනයේ Milage එක 180,000km වගේ දුරක් ධාවනයත් සමග Gearbox ගෙවීමට පටන් ගැනේ.

Fluid changes වැනි නිතිපතා නඩත්තු කිරීම, දිගුකාලීන පැවැත්ම සහ performance සහතික කරයි.

Gearbox පොදු ගැටළු සහ සැලකිලිමත් විය යුතු කරුණු :

– පැරණි හෝ Degraded Transmission Fluid හේතුවෙන් Automatic Transmission මාරු වීමේ ප්‍රමාදයන් වර්ධනය විය හැක.

– Gearbox එක මාරු කිරීමේදී Turbo හෝ Non Turbo Model එකට ගැලපෙන පරිදි Gearbox එක මාරු කරගත යුතුය එසේ නොමැති වුවහොත් Gear Shifting දෝෂ ඇතිවේ.

– ඒවගේම Kick Down Cable Adjustment එක හරියට කරගත යුතුය. එසේ නොකළහොත් එමගින් Gearbox Oil Pressure eka අඩුවීම මගින් Gearbox Transmission Speed එක අඩුවී gearbox ගෙවීම වැඩිවේ. එම නිසා පළපුරුදු කාර්මිකයෙකු ලවා gearbox නඩත්තුව ඉතා වැදගත්.

– එමෙන්ම වැදගත් ම දෙයක් වන්නේ නිසි වෙලාවට Injector Pump Service කිරීම මගින් (150,000Km ) Gearbox එකට දිගු කල් පැවැත්මක් ලබා ගත හැක. Injector Pump එකෙ washers ගෙවීමත් සමග Pressure අඩු වීම නිසා Engine Acceleration එක වැඩි කිරීමත් සමග Engine එකට වැඩි ජවයක් යෙදීමට සිදුවේ. එමෙන්ම වැඩි ඉන්දන දහනය වීමක්ද සිදුවේ. එම නිසා කලට වෙලාවට Injector නඩත්තුව මගින් දිගුකල් පැවැත්ම සහ මුදලුත් ඉතිරි කරගත හැකිවේ.
Engine එකෙත් Gearbox එකෙත් දිගුකල් පැවැත් මට බලපායි.

සමස්තයක් වශයෙන්, Toyota Noah හි ගියර් Box සුවපහසුව, කාර්යක්ෂමතාව සහ දිගුකාලීන විශ්වසනීයත්වය සඳහා නිර්මාණය කර ඇත.

ඔබට වාහන Gearbox සම්බන්ධයෙන් ඇති ඕනෑම ගැටලුවක් අපිට කතා කරලා දැනුවත් වෙන්න.මෙම Post එක යාළුවන්ට Share කරලා දැනුවත් කරන්න අමතක කරන්න එපා.
ඔබට අවශ්‍ය Toyota Noah AUTO Geabox මාස 6ක වගකීමක් සමගින් එක් දිනක් තුල සවිකරගන්න අපිව අමතන්න 077 052 0525
ඔබට Toyota Noah CR41 CR42 Van එකක් තියෙනවනම් gearbox සම්බන්ධව ප්‍රශ්නයක් ආවොත් අපිට කතා කරන්න.

☎

 0770 520 525 / 0710 369 369

තවත් දවසක මෙවැනිම වැදගත් තොරතුරක් රැගෙන නැවත හමුවෙමු.

Tags:

  • automan transmission
  • vehicle tips

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2023 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate