
ඔබ වාහනයක් නඩත්තු (Service ) කල යුක්ත්තේ ඇයි කියන එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.මේ විදිහට අනුගමනය කලහොත් ඔබට විශාල වාසි රැසක් හිමිවෙයි. එය නිසි ලෙස කරගන්නෙ කොහොමද කියලා අද අපි කියනවා. ඒ කියන්නෙ මේ විදිහට කලොත් ඔයාලගෙ Pocket එකට වාසියි. ඔබගෙ මුදල් විදයම් කර service කෙරැවත් එය Cost එකක් වන්නේ නැත. එමගින් ඔබගේ වාහනයට ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. වාහනය ගමනක් යන විට මගදි කැඩෙයි කියලා බයක් උපදව ගන්න ඕනි නෑ. ඔබට ආරක්ශාකාරී ගමනක් යන්න පුළුවන්. අපි දැන් බලමු ඒ ගැන විස්තර.
නඩුත්තු (servic) වර්ග කිහිපයක් තියෙනවා. පලවෙනි එක තමයි වාහනයට මොනව හරි දෙයක් වෙන්න කලින් නඩත්තු (Service ) කරන එක. අනිත් එක තමයි Regular Service. ඒ කියන්නෙ කාලෙන් කාලෙට නඩත්තු කරන එක. එතකොට අපි Service කරනවා කියලා කරන්නේ ඔබ වාහනය මාස 6කට සැරයක් එහෙම නැත්නම් 5000KM සැරයක් කරන Service එක. ඒකට කියන්නෙ Periodic Service එක. එතකොට කරන්නෙ Engine Oil මාරැ කරල , ටයර් මාරැ කර හෝ Rotate කරලා තව තව සේවා රැසක් කර ගන්න එක.
ප්‍රධාන වශයෙන් Service එකකදි සිදුවන්නෙ Engine Oil මාරැ කිරීමයි. Engine Oil වර්ග 2ක් තියෙනවා. Mineral Engine oil සහ Synthetic Engine Oil ඒ වර්ගයි. විශේෂයෙන්ම Engine Oil එකක් භාවිතා කරන්නෙ Engine එකේ ගෙවීම අඩු කිරීම සදහයි. සාමාන්‍යයෙන් Engine Temperature එක 20 සිට 200 දක්වා වෙනස් විය හැකිය. එම හැම තත්වයකදිම Engine Oil එකේ Viscosity එක ඒ කියන්නෙ ගමන් කිරිමේ හැකියාව අඩු විය යුතුය. සාමාන්‍ය ද්‍රව්‍ය රත් වීමේදී Viscosity එක වැඩිවේ. නමුත් Engine Oil එක සාදන්නේ Viscosity එක අඩුවීමටයි.
ඔබගේ වාහනයේ Filters විශාලා ප්‍රමාණයක් ඇත. ඉන් කිහිපයක් නම් Air Filters , AC Filters , Fuel Filters වගේ තවත් Filters ගොඩක් තියෙනවා. ඒවා මාරැ කල යුතු කාලය Service Centre වලින් දන්නවා.
ඔබේ වාහනයේ Cooling System එකක් ඇත. එම Cooling System එකට අදාල Coolent වර්ග ඇත. ඒවා නිතර නිතර ඉවත් කිරීමට අවශ්‍යය නැත. Top up කර තබා ගත හැකිය.
දැන් අපි බලමු Transmission System එක ගැන. වාහනයෙන් වාහනය Transmission System එක වෙනස් වේ. කෙටියෙන් කිව්වොත් Auto සහ Manual Transmission ඇත. තවද විවිධ වර්ගයේ Transmission ඇත. ඔබ Service කරන අවස්ථාවේදී හෝ නියමිත km ගානට පසුව. Transmission Fluid Change කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වේ. නැතහොත් මිල අධික Repair කිරීමට සිදු වේ.
Break Fluid ප්‍රමාණවත්ව තිබේද, නැතහොත් Top Up කල යුතුද, Break Pads මාරැ කල යුතුද , Break Fluid Leak වෙනවද යන්න Service Centre එක හරහා පරික්ෂා කර ගත යුතුය.
Tyre Check කර ගැනීමත් අනිවාර්යයි . එනම් Driver ගේ පැත්තේ තියෙන Door Post එකේ ඔබේ වාහනයට අදාල Tyre Pessure එක සහ අනෙකුත් විස්තර සදහන් වෙනවා. Service කර ගැනීමේදී මේ දේවල් හරියටම තියෙනවද කියලා Check කර ගැනීම අනිවාර්යයි . ඒ වගේම ඔබේ වාහනයට අදාලා විදිහට Service Centre එක හරහා Tyre Rotation එක කරන්න. එතකොට ඉදිරිපස පසුපස රෝද එකම විදිහට ගෙවීම සිදුවේ.
ඔබගේ වාහන මාදිලියට වර්ගයට අදාලව මෙම Fuids සහ අනෙකුත් උපාංග වෙනස් විය හැකිය. එම නිසා ඔබගේ වාහනයට අදාල Manufacturer’s Book එක Follow කරන්න. තවද ඔබගේ වාහන මාදලියට වර්ගයට සුදුසු Service Centre එකක් තෝරා ගෙන එමගින් දිගටම ඔබගේ වාහනය Service එක කර ගැනීම වැදගත් වේ. එම නිසා ඔබගේ වාහනය ගැන යම් දැනුවත් භාවයක් ඔවුනට ඇත.
ඔබට වාහන පිළිබදව ඇති ඕනෑම ගැටළුවක් පිළිබදව අපිට කතා කතා කරලා දැනුවත් වන්න පුළුවන්. මේ Post එක Share කරලා යාළුවන්ව දැනුවත් කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබට වැදගත් වෙන අලුත් දෙයක් අරගෙන නැවත හමුවෙමු.