
ඔන්න අද අපි කතා කරන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ගන්න අසා කරන luxury වාහනයක් ගැන.
ඒ තමයි

Toyota / Lexus 1MZ එක. Toyota Lexus කියන්නේ සැප පහසුවට ඕනිම ගමනක් යන්න පුළුවන් ආරක්ෂාව අතිනුත් ඉතාමත් හොඳ වාහනයක්.
ලංකාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ autogear වාහන තමයි Lexus එකේ. මෙහි 2 wheel සහ 4 wheel දෙකම බලා ගන්න පුළුවන්. මේ gearbox වල durability එක ගොඩක් වැඩි.
Toyota සහ Lexus වාහන බොහොමයක භාවිතා වන 1MZ-FE V6 engine එක සමඟ බොහෝවිට යොදන්නේ Automatic Transmission (Auto Gearbox) එකක්.

1MZ Auto Gearbox එකේ විශේෂතා

Smooth gear changes

Comfortable driving (traffic වලට හොඳයි)

සාමාන්‍යයෙන් භාවිතා වන Gearbox Models
A541E / A540E
මෙහි 4-Speed, 5-Speed Automatic Transmission දෙකම දකින්න පුළුවන්.
මෙවා reliable gearbox වර්ගයක් වුනත්, oil + heat management ඉතා වැදගත්.

Auto Gearbox Maintenance – අත්‍යවශ්‍ය කරුණු

ATF Oil (Gear Oil) Change
25,000 – 30,000 kmකට වරක්
Toyota genuine ATF Type T-IV (recommend කරයි)
සාමාන්‍යයෙන් 180, 000 km ට ඉහලව පාවිච්චි කරා නම් 75% පමණ gearbox එක ගෙවී ගොස් ඇති බව කියන්න පුළුවන්. එවිට පහත ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්.

Gear පරක්කු වී වැටීම

ගැස්සීම / slipping

RPM වැඩිවෙනවාත් speed නොවැඩිවීම

Check engine / AT light on

Gear oil වල දුගඳක් දැනීම / leak ඇති වීම
වැදගත්ම දේ තමයි වෙනදට වඩා ඉන්ධන දහනය වැඩි වීමක් පෙන්නුම් කරනවා නම් gearbox එකේ අව්ලක් වෙන්න තියෙන හැකියාව වැඩි.

මේවා පේන ගමන් ignore කරන්න එපා.

Engine oil service එක කරන වෙලාවේ gearbox oil check කරන්න
මෙම gearbox වල මිල ඉතා වැඩි. නමුත් maintainance සරලයි. 30,000 km කට වරක් oil change සහ tune-up එක කර ගන්න පුළුවන් නම්, check engine light පත්තු වෙනකොට ඒ ප්‍රශ්න eletrician කෙනෙකුට පෙන්වා ඉක්මනින් විසදා ගත්තා නම්, gear slippage ඇති වෙනකොට සුදුසු mechanic කෙනෙකුට පෙන්නුවොත් පස්සේ ඇතිවන ඉතා මිල අධික දේවල් අඩු කර ගන්න පුළුවන්.
ඉතින් ඔයාගෙත් Toyota / Lexus 1MZ වාහනයේ Auto Gearbox එකේ මොනවා හරි ගැටළුවක් ආවොත් අපිට කතා කරන්න.
