ඔන්න අදත් අපි පොරොන්දු උන විදිහටම ඔයාලට Auto Gearbox සම්බන්ධයෙන් නොදන්න අලුත් දෙයක් අරගෙන ආවා. Toyota Allion Premio වාහනයක Auto Gearbox එකේ low Speed ගැස්සීමට ලක් වීමට හේතු කිහිපයක් සහ ඒවා මගහරවා ගැනීමට කල හැකි දේවල් පිළිබඳව අපි දැනුවත් වෙමු.
1.Gear oil අඩුවීම හෝ Gear Oil අපිරිසිදු වීම නිසා Gear oil වල ලිහිසිකරණය (Lubrication ) අඩුවීම එහෙම නැත්නම් Hydraulic Pressure එක අඩාල වීම සිදුවන අතර,එමගි Shifting ගැටළු ඇති කරයි.එවිට low speed වලදී ගැස්සීමට (jerk) විය හැකිය .එවැනි අවස්ථාවකදී Gear oil මට්ටම සහ තත්ත්වය පරීක්ෂා කරන්න.අවසාන වතාවට Gear oil මාරැ කිරීමෙන් පසු ඔබගේ වාහනය 40,000km -50,000km දුර ධාවනය කර ඇත්නම් Gear Oil මට්ටම පරීක්ෂා කර Gear oil මාරැ කිරීම කරන්න.
2.ඒ වගේම වාහනයකින් වාහයට පාවිච්චි කරන්න ඕනි Gear oil වර්ග වෙනස් වන අතර වාහනයට අදාළ Gear oil එක නොදැමීමෙන්ද Gearbox එකේ ගැටළු ඇතිවිය හැකිය.ඒ නිසා වාහනයට දැමිය යුතු ගැලපෙන Gear oil එක භාවිතයට ගන්න.
3.Clutches , Bands සහ Gears වැනි අභ්‍යන්තර සම්ප්‍රේෂණ කොටස් කාලයත් සමග ගෙවීමට ලක් වීම හෝ හානිවීමට හේතුවිය හැකිය.එවිට Transmissions පරීක්ෂා කර අවශ්‍ය නම් නැවත සකස් කිරීම හෝ Replace කරන්න.
4.Toyota Allion Premio වාහනයක Auto Gearbox එකේ low Speed Jerk එකක් එන්න තවත් හේතුවක් තමා අවහිර වූ හෝ අපිරිසිදු Transmission Filter එක. වාහනයක් 100,000-150,000km දුර ධාවනය කල වාහන වල මෙලෙස Transmission Filter Block එකක් ඇතිවිය හැකිය.අවහිර වූ හෝ අපිරිසිදු Transmission Filter එක Gear Oil Filter වීම සීමා කල හැකි අතර Auto Gearbox එකේ Sifting ගැටලු ඇතිවිය හැකිය.එවැනි අවස්ථාක දී අප විසින් Transmission Filter එක Replace කිරීම කල යුතුය.
5.Gear oil ප්‍රවාහය පාලනය කරන්නේ Transmission Solenoids වලින්.දෝෂ සහිත Transmission Solenoids භාවිතය නිසා Auto Gearbox එකේ නුසුදුසු shifting වලට හේතු විය හැකිය . එවැනි අවස්ථාක වාහය Scan කරලා Scan එක හරා Solenoids පරීක්ෂා කර එහි දෝෂ සහිතද යන්න පරීක්ෂා කරන්න.එසේ දෝෂ නැති නම් Gearbox එකේ Mechanical දෝෂ තියෙනවද කියලා පරීක්ෂා කර ගත හැකිය.Scan කිරීම මගින් Solenoids එක දෝෂ සහිත නම් එය Replace කිරීම සිදු කරන්න.Mechanical දෝෂ සහිත නම් වෘත්තීය කාර්මික ශිල්පියකු හමුවන්න.
6.තවද කාලයක් Auto Gearbox එකේ Gear Oil මාරැ නොකර හෝ ප්‍රමාණවත් තරම් Gear oil නොදැමීම හේතුවෙන් Torque Converter එක හානිවිය හැකිය.එවැනි අවස්ථාකදී Auto Gearbox එකේ jerk එකක් ඇතිවිය හැකියි.එවිට Torque Converter එක පරීක්ෂා කර අවශ්‍ය නම් Replace කරන්න.තවද Gearbox එකේ Gear Oil ප්‍රමාණවත් තරම් තිබේදැයි නිතර පරීක්ෂා කරන්න.
7.Transmissions shifting patterns manage කරන්නෙ ඉලෙක්ට්‍රොනික පාලන ඒකකයයි(Electronic Control Unit- ECU).Software issues හෝ Faults නිසා Auto Gearbox එකේ jerk එකට හේතු විය හැකිය .ඒ සදහා Error codes සදහා ECU scan කර අවශ්‍ය නම් නැවතත් reprogramming කර හෝ Update කරන්න.ඒ සදහා පලපුරැදු වෘත්තීය කාර්මිකයකු සමඟ පරීක්ෂා කරන්න .
8.Vacuum Leaks හේතුවෙන් Auto Gearbox එකේ Transmissions Vacuum Modulator බලපෑම් කල හැකිය.එනම් Auto Gearbox එකේ Sifting ගැටලු ඇතිවිය හැකිය.ඒ සදහා Vacuum Leaks පරීක්ෂා කර අලුත් වැඩියා කරන්න.
9.Throttle Position Sensor (TPS) මගින් තෙරපුම් ස්ථානය පිළිබඳව Transmission එකට තොරතුරු සපයයි.එය දෝෂ සහිත නම් , එය Auto Gearbox එකේ වැරදි shifting වලට හේතු විය හැකිය.ඒ සදහා TPS පරීක්ෂා කර Replace කරන්න.
10.Engine Performance Falt හේතුවෙන් ද Auto Gearbox එකේ jerk එකක් ඇති විය හැකිය.එනම් ඉන්ධන දහනය හෝ දෝෂ සහිත Fuel System එකේ ගැටලු , Transmission ගැටලුවක් ලෙස ගැස්සීමක් ඇතිවිය හැකිය.Engine එක සම්බන්ධ සියලුම ගැටලු පරීක්ෂා කර ඒවාට අවශ්‍ය පිලියම් යොදවා Engine එක නිසි අයුරින් ක්‍රියාත්මක වන බව සහතික කර ගන්න.
11.නුසුදුසු ලෙස රිය පැදවීම හේතුවෙන් ද Auto Gearbox එකේ low Speed jerk එකක් ඇතිවිය හැකිය.ඒ සදහා නිසි ලෙස සුමට රිය පැදවීමේ පුරුදු ඇති කර ගන්න.
12.මේ ගැටලු සියල්ල නිවැරැදි කල පසුවද Auto Gearbox එකේ low Speed Jerk එක දිගටම පවතින්නේ නම් පරිපූර්ණ පරික්ෂණයක් සිදු කර අලුත් වැඩියා කිරීම සදහා සුදුසුකම් ලත් කාර්මිකයකු වෙත වාහනය රැගෙන යාම සුදුසුයි.
ඔබට Auto Gearbox එකේ ඇති ඕනෑම ගැටලුවක් අපිට කතා කරලා දැනගන්න පුළුවන් .ඒ වගේම යාළුවන්ට බලන්න post එක share කරන්න අමතක කරන්න එපා.තවත් දවසක මෙවැනිම තවත් ගැටලුවක් හා ඒවාට විසදුම් අරගෙන නැවතත් හමුවෙමු.