logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
July 30, 2024

ඔබටත් තියෙන්නෙ Toyota Allion 240 වාහනයක්ද?ඔබගේ වාහනයත් Auto Gearbox එකේ ගැස්සීමක් (Jerk) එනවද?එහෙනම් අපි අද කතා කරමු ගැස්සීමට ලක් වන හේතු කිහිපයක් සහ ඒවාට විසදුම් මොනවද කියලා.

  1. අපිරිසිදු Gear Oil

ප්‍රමාණවත් නොවන හෝ අපිරිසිදු Gear Oil හා වැරදි oil, අවුල් සහගත gear මාරැවීම් වලට තුඩු දෙන බව ඔබ දැන සිටියාද.ඔබත් මෙවැනි තත්ත්වයකට මුහුණපා ඇත්නම් vehicles manual අනුව gear oil පරික්ෂා කර top up කිරීම හෝ replace කරන්න.

තවද ගෙවීගිය pressure plates හෝ damage උන කොටස් මෙයට හේතු විය හැකිය.ඒ සදහා worn parts diagnose කිරිමට හෝ replace කිරීමට professional inspection එකක් අවශ්‍ය වේ.

  • Transmission Control Module/TCM දෝෂ

සම්ප්‍රේෂණ පාලන මොඩියුලය (Transmission Control Module/TCM) දෝෂ ඇතිවිට එය ක්‍රියාවිරහිත වී Auto Gearbox එක ගැස්සීමක් ඇති කල හැකි බව ඔබ දැන සිටියාද?ඒ සදහා TCM Diagnosed කර Reprogramming කර හෝ අවශ්‍ය නම් Replace කරන්න.එමගින් ඔබට Auto Gearbox එකේ ඇති ගැස්සීම මගහරවා ගත හැකිය.

තවද, throttle position sensor හෝ vehicle speed sensor වැනි sensors වල ඇති ගැටලුද Auto Gearbox ගැස්සීමට බලපෑ හැකිය . ඒ සදහා දෝෂ සහගත sensors හදුනාගෙන Replace කරන්න.

  • Hydraulic Issues

Hydraulic Issues නිසාද ඔබගේ වාහනයේ Auto Gearbox එක ගැස්සීමට  හේතුවන ඔබ දැන සිටියාද?Transmission Valve Body Problem නිසා නුසුදුසු Hydraulic Pressure එකක් ඇති හැකි අතර එය Auto Gearbox එක ගැස්සීමට ලක් වේ.ඒ සදහා  Valve Body  පරීක්ෂා කර  අවශ්‍ය නම් Repair කරන්න.

  • ආක්‍රමණශීලී රිය පැදවීමේ පුරුදු

ආක්‍රමණශීලී රිය පැදවීමේ පුරුදු නිසාද Auto Gearbox එක ගැස්සීමට  හේතුවක් විය හැකි බව ඔබ දැන සිටියාද ?එනම් Hard Acceleration හෝ Break Auto Gearbox එක ගැස්සීමට  ලක් විය හැකිය.ඒ සදහා  සුමට රිය පැදවීමක් අනුගමනය කිරීම මගින් Auto Gearbox  එකේ ඇතිවිය හැකි ගැස්සීම මගහරවා ගත හැකිය.

OBD-II Scanner බාවිතා කර ගැස්සීමට අදාල ගැටලු විනිශ්චය Trouble Codes (DTCs) සදහා පරීක්ෂා කරන්න.තවද DIY විසදුම් මගින් ගැටලු විසදා නොගන්නෙ නම්,සම්පූර්ණ ගැටලු විනිශ්චය සදහා වෘත්තීය කාර්මිකයකුගෙන් විමසන්න.ප්‍රශ්නය කල්තියා හදුනා ගැනීම මගින් තවදුරටත් සිදුවන හානිය වලක්වා ගත හැකි අතර වඩා මිල අධික අලුත්වැඩියාවන් වලක්වා ගත හැකිය.

Auto Gearbox සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටලුවක් අපිට කතා කරලා දැනගන්න පුළුවන්.ඒ වගේම මේ post එක යාළුවන්ට Share කරලා දැනුවත් කරන්න අමතක කරන්න එපා.Auto Gearbox එක ගැස්සීමට  හේතුවන කරැනු කිහිපයක් සහ ඒවා මගහරවා ගැනීමට  කල හැකි පිලියම් පිළිබඳ අපි මේ දින කිහිපයේම ඔබව දැනුවත් කලා.ඉතිං අපි තවත් දවසක මෙවැනිම ඔබට දැනගැනීම අවශ්‍ය කරැනු කිහිපයක් නැවත ගෙන එන්නම්.අපි නැවත හමුවෙමු.

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2023 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate