
කලින් සතියකදී අපි කතා කළා Toyota 2AZ Harrier 4WD වාහනයේ Non CVT Auto gearbox එක ගැන. අද කතා කරන්නේ CVT Auto gearbox එක ගැනයි.
RAV4, Camry, Alphard, සහ Estima වාහන වල තියෙන්නෙත් මේ CVT Auto gearbox එකමයි.
ජපානයේ මේ Auto gearbox හදනකොට එය පදින්නේ Highway, desert, offroad කියා හිතල තමයි මේක හැදුවේ.. ඒ ඒ වාහන වල gearbox features මෙන්ම maintainance වෙනස් වෙනවා.
ඉතින් මේ 2AZ කියන්නේ high performance base කරගෙන හදපු CVT Auto gearbox එකක්. මෙහි gear change වෙන්නේ CVT belt එකකින්. එතකොට මෙහි gear 5 -7 වෙනකන් shift වෙන්න පුළුවන්.
මේ Auto gearbox විශේෂයෙන්ම 300 km වගේ එක දිගට drive කරන අයට ගොඩක් හොදයි. ඉතින් Freeway වල හරි traffic එකේ හරි යනකොට මේ gearbox එකේ ගෙවීම වැඩි වෙන්න පුළුවන් සාපේක්ෂව.
එතකොට මේකට දාන්න ඕනි Toyota CVT Oil එක තමයි. ඒ වගේම 25 000 km වගේ Gear oil change කරන්න පුළුවන් නම් අපිට 200 000 km වගේ Auto gearbox එකේ ආයු කාලය වැඩි කර ගන්න පුළුවන්.
ඒ වගේම තමයි මෙහි Oil filter එක 75 000 km වගේ මාරු කර ගන්න පුළුවන් උනොත් තවත් 75 000-100 000 km වගේ Auto gearbox එකේ ආයු කාලය වැඩි කර ගන්න පුළුවන්.
මේ gearbox එකේ damage වෙලා කියල පෙන්වන විදි තියෙනවා..
1. ඔයාට දැනෙනවා නම් වාහනය fuel efficiency අඩු වෙනවා වගේ කියල මුලින්ම Auto gearbox එක scan එකකට දාන්න ඕනි.
2. gear jerk එකක් එනවා නම් පොඩ්ඩක් බලන්න වටිනවා.
3. Traffic එකේ නවත්තල ආපහු pickup කරනකොට ඉක්මනට වේගය වැඩි නොවීම.
මේ වාහනයේ CVT caliberation එක කර ගන්න පුළුවන්. එකෙනුත් ඔයාට ගොඩක් ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන්.
ඉතින් ඔයාගෙත් Toyota 2AZ වාහනයේ CVT Auto gearbox එකේ මොනවා හරි ගැටළුවක් ආවොත් අපිට කතා කරන්න.
