
අද අපි ඔයාලට දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නෙ CVT Gearbox ගැනයි. දැන් අපි බලමු ඔබ ඒ සම්බන්ධයෙන් දැන ගත යුතු කරැනු මොනවද කියලා.
CVT (Continuously Variable Transmission) කියන්නේ ගියර් ratio එක අඛණ්ඩව වෙනස් කළ හැකි Automatic Transmission පද්ධතියකි. සාමාන්‍ය Automatic Gearbox එකේ වගේ 1st, 2nd, 3rd කියලා Fixed Gears නොමැතිව, Engine Power එක සහ Vehicle Speed එකට ගැලපෙන හොඳම ratio එක CVT එක ස්වයංක්‍රීයව තෝරාගනී.
සරලව කිව්වොත් CVT Gearbox කියන්නේ Fixed gears නොමැතිව, වාහනයේ වේගයට සහ එන්ජිමේ බලයට අනුව gear ratio එක ස්වයංක්‍රීයව අඛණ්ඩව වෙනස් කරන Automatic gearbox පද්ධතියකි.
CVT Gearbox එක ක්‍රියා කරන ආකාරය
CVT එකේ ප්‍රධාන කොටස්:
• Drive pulley (engine side)
• Driven pulley (wheel side)
• Steel belt හෝ chain
• Hydraulic/Electronic control system
Pulley දෙකේ Diameter එක වෙනස් කිරීමෙන් Gear Ratio එක Continuously වෙනස් වේ.
ගියර් වෙනස් වීම (Gear changes): වාහනය ධාවනය වන විට, එන්ජිමේ වේගය අනුව මෙම පුලි දෙකේ පළල (Width) ස්වයංක්‍රීයව වෙනස් වේ. පුලි එකක් ලොකු වන විට අනෙක කුඩා වන අතර, එමඟින් ගියර් අනුපාතය නොකඩවා වෙනස් වේ.
සරල උදාහරණයක් ගත් විට,
• Car එක start කරන විට → low gear ratio
• Speed වැඩි වන විට → high gear ratio
• ඒ වගේම මෙහි Gear change shock එකක් එන්නේ නැහැ.
CVT වර්ග
1. Belt CVT
බහුලවම භාවිතා වන වර්ගය.
භාවිතා කරන වාහන:
• Honda Fit
• Nissan X-Trail
2. Chain CVT
Steel chain භාවිතා කරන නිසා durability වැඩිය.
3. e-CVT
Hybrid vehicles සඳහා භාවිතා කරන electronic CVT Gear System එකකි. Belt මත පදනම් වූ CVT එකක් නොවේ.
භාවිතා කරන වාහන:
• Honda Civic FD3

CVT Gearbox එකේ වාසි

Fuel Efficiency
Engine RPM optimal range එකේ තබා fuel consumption අඩු කරයි.

Smooth Driving
Gear shifting jerk නැති නිසා ride comfort වැඩිය.

Easy Driving
Traffic වල drive කිරීමට පහසුයි.

Better Engine Efficiency
Engine power continuous ලෙස භාවිතා කරයි.

Lower Weight
සමහර CVT systems සාමාන්‍ය automatic gearbox වලට වඩා අඩුයි.

CVT Gearbox එකේ අවාසි

Rubber Band Feel
Accelerator දැමූ විට RPM එක ඉහළ ගියත් speed එක ටිකක් පසුව වැඩි වෙන feel එක.

Maintenance Cost
නිසි ලෙස Service කරන්නේ නම් නඩත්තු පිරිවැය අඩුයි. හානි වුවහොත් පමණක් ඉහළයි.

Heat Generation
අධික load වලදී temperature වැඩි විය හැක.

Heavy Power සඳහා සීමා
High-performance vehicles වල සාමාන්‍යයෙන් CVT අඩුවෙන් භාවිතා වේ.

CVT Oil ගැන වැදගත් කරුණු
CVT gearbox සඳහා සාමාන්‍ය ATF oil භාවිතා කළ නොහැක.
අනිවාර්යයෙන්:

Manufacturer recommended CVT fluid පමණක් භාවිතා කරන්න.

නියමිත interval වල oil change කරන්න.
සාමාන්‍යයෙන්:
• 25,000 km – 40,000 km අතර oil change කිරීම සුදුසුයි.
දැඩි වාහන තදබද ඇති ප්‍රදේශවල නම්(ශ්‍රී ලංකාව)
*20,000 km – 25,000 km

CVT Gearbox එක අක්‍රමවත් වීමට හේතු
• Oil timely change නොකිරීම
• නිවැරදි නොවන transmission Oil භාවිතා කිරීම
• Aggressive driving
• Overheating
• Poor maintenance

CVT Gearbox එක ප්‍රශ්ණ සහගත බවට දැන ගත හැකි වන ලක්ෂණ
• Jerking
• Delayed acceleration
• RPM fluctuate වීම
• Burning smell
• Warning lights
• Shaking/Vibration

CVT Gearbox එක හොඳද?
Daily driving, city traffic, fuel saving සඳහා CVT ඉතා හොඳයි.
නමුත් sporty driving, towing, heavy performance සඳහා torque converter automatic හෝ dual-clutch gearbox වඩා සුදුසු විය හැක.

CVT භාවිතා කරන ජනප්‍රිය වාහන
• Honda Civic FD3 (Honda Hybrid CVT System )
• Honda Fit
• Toyota Prius
• Toyota Corolla Axio Hybrid
• Nissan Serena
• Honda Civic ES8
• Subaru Forester

CVT භාවිතා කරන විට උපදෙස්
• CVT Fuel timely change කරන්න
• Sudden acceleration අඩු කරන්න
• Uphill වල excessive load වලින් වලකින්න
• අධික බර පැටවීමෙන් වලක්වන්න
• Neutral to Drive repeatedly shift කිරීම අඩු කරන්න
CVT හොඳ maintenance එකක් කළොත් දිගු කාලයක් smooth සහ economical driving experience එකක් ලබා දේ.
ඔබට Gearbox පිළිබදව ඇති ඕනෑම ගැටළුවක් පිළිබදව අපිට කතා කතා කරලා දැනුවත් වන්න පුළුවන්. තවත් දවසක ඔබට වැදගත් වෙන අලුත් දෙයක් අරගෙන නැවත හමුවෙමු.
