logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
August 23, 2023

මෝටර් රථවල බහුලව දැකිය හැකි දෝෂයක් තමයි මේ idle RPM දෝෂ.
මොකක්ද idle RPM කියන්නේ.
මෝටර් රථයක් පණ ගන්වා ධාවනය නොකොට එක තැනක නවතා තිබෙන විට එන්ජිම නොනැවතී සහ විශේෂ දෙදරීමකට ලක් නොවී (smooth engine run) පවත්වාගැනීම සඳහා එන්ජිම එහෙම නැත්නම් crankshaft එක විනාඩියකට කරකැවිය යුතු වට ගණන හෙවත් වේගය idle RPMඑක ලෙස හැඳින්විය හැකිය.

මුලින්ම අපි බලමු idle RPMදෝෂ සහිතව මෝටර් රථයක් දිගින් දිගටම භාවිතා කළහොත් ඇතිවිය හැකි අනිසි ප්රතිඵල මොනවාද කියලා.
අධික ඉන්ධන පරිභෝජනය හෙවත් දුර්වල ඉන්ධන කාර්යක්ෂමතාවය
අපවායුවේ පිටවන විෂ වායු වැඩි වීම (emission fail)
අනවශ්ය දෙදරීමක් ඇතිවීම නිසා එන්ජිම හා ඒ ආශ්රිත කොටස්වලට හානි සිදුවීමට ඇති ඉඩකඩ.
catalytic converter එකට හානි සිදු වීමට තිබෙන ඉඩකඩ වැඩි වීම.
එන්ජිම පණ ගැන්වීමට අපහසුවීම, ඉදිරියට හා පසුපසට ධාවනය ආරම්භ කිරීමට නොහැකි වන ලෙස රථයේ එන්ජිම නතර වීම මෙන්ම වාහන තදබදයක සිටින අවස්ථාවලදී මෝටර් රථය ක්රියාකාරීව නතර කර තබාගෙන සිටීමට නොහැකි වීම ආදී දෝෂ.

මෙලෙස පැහැදිලිව දෝෂ පරීක්ෂා කර තහවුරු කර ගැනීමකින් තොරව වැරදි ක්රමවේද භාවිතා කර idle RPM එක වැඩි කරගැනීම මගින් තවත් නැති දෝෂ ඇතිවීමට හේතු විය හැකිය. උදාහරණ ලෙස accelerator cable එක adjust කිරිම මගින් throttle වෑල්ව් එක මදක් විවෘත කිරීම, distributor ignition system එකක් පවතින මෝටර් රථයක distributor ය මද වශයෙන් adjust කර ignition advance කර හෝ retard කර idle RPM වෙනස් කරගැනීම හෝ දිගු කාලීනව භාවිතා කිරීම සිදු නොකළ යුතුය. නමුත් යම් අසීරු අවස්ථාවක එසේ සිදු කළද එය හැකි ඉක්මනින් නිවැරදි ආකාරයට සකසා ගත යුතුය.
2. ඉන්දන විදුම් පද්ධතියේ දෝෂ (fuel delivery system failures)
Fuel pump, fuel filter, fuel pressure regulator සහ injectors මෙන්ම ඉන්ධන කාන්දු වීම ආදී ඉන්ධන විදුම් පද්ධතියට අයත් කොටස් වල හටගන්නා දෝෂ සහගත තත්ත්වයන් නිසා ද idle RPM දෝෂ හටගත හැකිය.
3. ignition පද්ධතියේ ඇතිවන දෝෂ.
Ignition coil, plug wires, distributor ආදී ස්ථානවල ඇති වන දෝෂ නිසා ලැබිය යුතු නිවැරදි ignition එක නොලැබී යාමෙන් idle RPM දෝෂ ඇතිවිය හැකිය.
බොහෝ දුරට Spark plug ආයු කාලය ඉක්මවා භාවිතා කිරීමෙන් ඒවා මත කාබන් තැන්පත් වී තිබීම plug gap එක වෙනස් වී තිබීම ඉලෙක්ට්රෝඩ ගෙවී ගොස් තිබීම ආදි කරුණු දුර්වල idle RPM දෝෂ ඇති කරනු ලබයි. ඒවගේම plug wires ආයු කාලය ඉක්මවා භාවිතා කිරීම හෝ දුර්වල වී තිබීම දුර්වල ස්පාක් එකක් ඇති කිරීමට හේතු වන බැවින් එය ද හේතුවක් විය හැකිය. distributor ආදී කොටස් ගලවා සවිකිරීමේදී සිදුවිය හැකි timing වෙනස්කම් නිසාද idle RPM දෝෂ හටගත හැකිය.
4. cylinder compression දෝෂ
නොයෙකුත් හේතු කාරණා නිසා එක් සිලින්ඩරයක හෝ cylinder කීපයක් මත ඇති කරන compression එක දුර්වල වීම නිසා idle RPM දෝෂ හට ගත හැකියි.
එලෙස cylinder compression දෝෂ සහගත වීම සඳහා valve timing හෝ valve seating දෝෂ, piston rings අධික ලෙස ගෙවී යාම, head ගෑස්කට් දුර්වල වීම ආදී දෝෂ නිසා සිදුවිය හැකිය.
5. සෙන්සර් වල හටගන්නා දෝෂ
Air flow sensors, coolant temperature sensor, oxygen sensor, fuel rail pressure sensor ආදී සෙන්සර වල හටගන්නා දෝෂ නිසා එන්ජින් පරිගණකයට ලැබෙන දත්ත දෝෂ සහගත වීමෙන්ද idle RPM දෝෂ හට ගත හැකිය.
6. Air filter එකේ දෝෂ
දූවිලි අංශු කාබන් අංශු වැනි ද්රව්ය තැන්පත් වීමෙන් අවහිර වූ එයාර් ෆිල්ටර් එකක් (clogged air filter) නිසාද idle RPM දෝෂ හට ගත හැකිය.
7. Vacuum leak
වැකියුම් ලීක් එකක් පවතින අවස්ථාවන්වලදී Idle RPM දෝෂ හටගන්නා අතර, vacuum hose, intake manifold packing, purge valve, break booster ආදී ස්ථානවලින් වැකියුම් ලීක් ඇතිවීම සිදුවිය හැකිය.
8. එන්ජින් කම්පියුටරයේ දෝෂ (faulty ECM )
එන්ජින් කම්පියුටරය දෝෂ සහගත වීමෙන්ද ඉතා කලාතුරකින් මෙවැනි idle RPM දෝෂ හටගත හැකිය.
ප්රධාන වශයෙන් ඉහත සදහන් කරනු වල දැක්වෙන දෝෂ තත්වයන් නිසා Idle RPM දෝෂ ඇතිවිය හැකි අතර නිවැරදිව ස්කෑනරයක් භාවිතා කර දත්ත ලබාගෙන විශ්ලේෂණය කිරීම, Bi directional function මගීන් idle air control valve ක්රියාත්මක කරවා බැලීම, wiring harness නිවරදිව පරීක්ෂාකර බැලීම ආදී නිවැරදි දෝෂ හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් ඔස්සේ මෙවැනි දෝෂ නිවැරදිව හඳුනාගෙන නිරාකරණය කරගත හැකිය.

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2025 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate