
Honda Civic FD Series එකේ FD3 සහ FD4 අතර වෙනස්කම් ගැන දැනුවත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. ඒ මොනවද කියලා අපි බලමු.
Honda Civic FD Series කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය 8th Generation Civic Sedan model එකක්. Honda Civic FD3 සහ Honda Civic FD4 කියන්නේ Honda Civic 8th Generation (FD series) එකට අයිති models දෙකක්.
මේ FD series එක manufacture කරලා තියෙන්නේ 2005 සිට 2011/2012 අතර කාලයේ. Sri Lanka වල import කරපු වාහන බොහෝවිට 2006, 2007, 2008, 2009, 2010 යන වර්ෂවල Manufacture කරපු වාහනවේ. මෙහිදී ද Facelift සහ Non Facelift වශයන් පෙනුමේ වෙනස්කම් දෙකක් දැකගන්න පුළුවන්
මෙය Modern sporty design එකක්, smooth driving experience එකක් සහ reliable performance එකක් නිසා අපේ රටේ ඉතා ජනප්‍රියයි.
මේ series එකේ FD3 සහ FD4 කියන්නේ market එකේ බහුලව හමුවෙන models දෙකකි.
පෙනුමෙන් බොහෝවිට සමාන වුවත්
Engine, Hybrid system, Transmission සහ Sensor system වල වැදගත් වෙනස්කම් තියෙනවා.
අපි බලමු ප්‍රධාන වෙනස්කම්,
1. Engine / එන්ජිම
2. Performance & Fuel Efficiency
3. Transmission / Gearbox (Sensor vs Non-Sensor)
Engine
Honda Civic FD3 එකේ 1.3L LDA2 Hybrid engine එකක් සහ electric motor එකක් තියෙනවා. Fuel economy හොඳයි. FD4 එකේ 1.6L R16A i-VTEC engine එකක් තියෙනවා, power සහ pickup වැඩියි. FD3 fuel save, FD4 sporty drive සඳහා සුදුසුයි. දැන් අපි බලමු engine වෙනස්කම් මොනවද කියලා.
FD3 (Hybrid)
1.3L LDA engine + Hybrid system
ඉන්ධන පිරිමැස්ම ඉතා ඉහළයි
Hybrid Battery + Petrol
City driving වලට ඉතා සුදුසුයි
FD4 (1.6L)
R16A engine (1.6L i-VTEC)
Engine capacity – 1590cc
2) Performance & Fuel Efficiency
FD3 (Hybrid)
Best fuel economy Good
City driving වල ideal
Daily Driving වලට හොඳයි
FD4
R16A engine (1.6L i-VTEC)
Engine capacity – 1600cc
Fuel economy FD1 ට වඩා ටිකක් හොඳයි
Power එක FD1 ට වඩා ටිකක් අඩුයි
performance ගැන කෙටියෙන් කිව්වොත් පහත පිරිදි වේ
FD3 – Fuel saving (Hybrid)
FD4 – Normal Performance සහ නඩත්තු වියදම අවම
3) Transmission / Gearbox සම්බන්දයෙන් ඉතා වැදගත් දේවල් කිහිපයක්ම මේ Model වල දකින්න පුළුවන්.
FD series වල gearboxes ප්‍රදාන වශයෙන් Types 2 දකින්න පුළුවන්.
ඒ තමා සාමාන්‍ය Automatic Gearbox (with sensors) සහ CVT Gearbox.
FD4 – Auto Gearbox එක ගැන බලමු.
මෙහි ඇත්තේ සාමාන්‍ය FD 1 සහ FD 2 automatic වාහනවල එන Torque-Converter සහ Mechanical Gears (ගියර් රෝද) සහිත සාමාන්‍ය Automatic Gearbox පද්ධතියකි.
මෙහි Gear shifter එකෙහි P-R-N-D-D3-2-1 ලෙස හෝ සමහර paddle shifters සහිත මාදිලිවල P-R-N-D-S ලෙස දැකිය හැක. FD4 රථයේද Auto Gearbox ආයු කාලය තීරණය වන ප්‍රධානතම සාධකය වන්නේ නිවැරදි ගියර් ඔයිල් භාවිතයයි.
ලංකාවේ පවතින අධික වාහන තදබදය වැනි කරුණු නිසා 25,000km -30,000km Gearbox oil මාරු කිරීම සුදුසුය. මේ සදහා Honda ATF DW-1 Gearbox Oil එක ඔබ බාවිතා කලයුතුය.
FD3 , FD4 – Gearbox අතර ප්‍රදාන වෙනස් කම් බලමු.
FD4
5-speed automatic gearbox ඇත.
පහසුවෙන් නඩත්තු කල හැක
Gearbox Oil සැම 25,0000Km මාරු කිරීම වඩාත් සුදුසුවේ.
ඒ වගේම FD3 එක
Best fuel economy
Hybrid + CVT
වෙලාවට නිසි නඩත්තුව අතවශ්‍ය වේ.
මෙහි CVT Gearbox එකක් සහ Hybrid system එකක් සහිතව complex gearbox පද්දතියක් සහිත වේ
එමෙන්ම වියදම් අදික වේ. මෙහිදී Gearbox පද්දතිය හොඳින් වැඩකිරීමට Hybrid Battery Health එකත් ඉතා වැදගත් වෙනවා.
අපි දැන් බලමු මොනවද මේ Model වල තියෙන Common Gearbox Issues.
මෙහි Gearshift P-R-N-D-S-L ලෙස දැකිය හැකි අතර Meter cluster එකේ hybrid battry status ඔබට දැක ගන්න පුළුවන්.
FD3 CVT gearbox internal filter servicing කිරීම සාමාන්‍ය automatic gearbox එකකට වඩා අපහසු වේ. එම නිසා Gearbox Oil මාරු කිරීමේදී FD3 (CVT) model 20,000 – 25,000 km අතර Gearbox Oil මාරු කිරීම මගින් දිගු කලක් බාවිතා කල හැක. ඒ වගේම මේ සදහා Honda CVT Genuine Gearbox Oil එක බාවිතා කරන්න.
FD4 වල
Jerking, Slipping ( ගියර් මාරු වීමේදී ලිස්සා යෑම ), ප්‍රමාද වී Gearshift වීම දැක ගන්න පුළුවන්
CVT gearbox සහිත FD3 Model එකේ CVT internal wear , Delayed acceleration ( ප්‍රමාද වී ගියර් මාරුවීම) සහ Slipping issues දකින්න පුළුවන්
මේ සදහා ප්‍රදාන වශයෙන් හේතු වන්නේ වෙලාවට නියමිත Km ගනන ඇතුලත Gearbox Oil මාරු කිරීම සහ නිවැරදි Gearbox Oil එක භාවිතා නොකීරීමයි. ඒ වගේම FD3 Model හි Hybrid Batttry එකේ ඇතිවන දෝෂ ද Gearbox issues ඇතිවීමට බලපාන්න පුළුවන්.
ඔබත් Honda Civic FD Series වාහනයක් ගැනීමට බලාපොරොත්තු වෙනවනම් හෝ තිබෙනවානම් දිගුකලක් භාවිතා කිරීමට මේ දේවල් ඔබට ඉතා වැදගත්වේ.
ඔබගේ Honda Civic FD4 / FD3 gearbox ගැටළු (jerking, slipping, delay shifting) තියෙනවාද? ඔබගේ සියළුම Auto Gearbox ප්‍රශ්න හෝ Repair සදහා අපිට කතා කරන්න.
