
Honda Civic FD Series කියන්නේ 2006–2012 වර්ෂ වලදී නිපදවූ කා අතරත් ඉතා ජනප්‍රිය 8th Generation Civic Sedan model එකක්. Modern sporty design එකක්, smooth driving experience එකක් සහ reliable performance එකක් නිසා අපේ රටේ ඉතා ජනප්‍රියයි.
FD1 සහ FD 2 models වල Facelift සහ Non Facelift වෂයෙන් අපිට පෙනුම දකින්න පුළුවන්. Non Facelift (Pre-facelift): 2006–2008 වසර වලදී සහ Facelift Version 2009–2012 වසරේදී නිපදවා ඇත.
අද අපි බලමු Honda Civic FD 1 සහ FD 2 model අතර වැදගත් වෙනස්කම්
පෙනුමෙන් බොහෝවිට සමාන වුවත්
Engine, Transmission සහ Sensor system වල වැදගත් වෙනස්කම් තියෙනවා.
අපි බලමු ප්‍රධාන වෙනස්කම් 3ක්
1. Engine / එන්ජිම
2. Performance & Fuel Efficiency
3. Transmission / Gearbox (Sensor vs Non-Sensor)
අපි බලමු Engine හි ඇති වෙනස්කම්
FD1 (1.8L)
R18A engine සහිත 1800 cc එන්ජිමක් සහ i-VTEC පහසුකම සහිතව දැකගත හැක
Engine capacity – 1800cc
Fuel efficiency + power balance එක Vtech පහසුකම නිසා මනාව ගැලපේ
Daily use + Long Drive දෙකටම ඉතා හොඳ වාහනයක් කියන්න පුළුවන්
FD2 (2.0L / Type R)
K20A engine (2000cc ) මෙය Sports car lovers ල අතර ජනප්‍රිය Hgh performance Engine model එකක්, මෙහි Manual Gearbox සහිත Type R model යක් ද දැකගන්න පුළුවන්. මෙහිද i-Vtech පහසුකම නිසා ඉතා හොඳ Power එකක් සහිත වේ.
High-performance engine
Sporty driving
ලංකාවේ FD2 Type R models වල දැක ගන්න පුළුවන්
අපි බලමු දැන් Peromance ගැන
FD1
Balanced performance එකක් තිබෙනවා
Smooth driving Experience එකක් ගන්න පුළුවන්
ලංකාවේ බහුලව දකින්න පුළුවන් Model එකක්
FD2
High performance
Sport driving lovers ට ඉත හොඳ performance සහිත තරුණයන් අතර ජනප්‍රිය Model එකක්
Peromance ගැන කෙටියෙන් කිව්වොත් පහත පිරිදි වේ
FD1 – All-rounder (Perfomance + effiecnecy ) සහ FD2 – Performance අතින් සැබෑ වෙනසක් තිබේ.
මෙම Model දෙකටම හොඳ performance එකක් දෙන වැදගත්ම Feature එකක් තමයි i-Vtech තාක්ෂනය
i-VTEC (Intelligent Variable Valve Timing and Lift Electronic Control) කියන්නේ ඉහළ වේගයේ performance එක සහ fuel efficiency එක අතර හොඳ balance එකක් ලබාදීමට නිර්මාණය කළ Honda සතුව ඇති තාක්ෂණයකි.
මෙම i-VTEC system එක මගින් engine එකට ඇතුල් වන වායු ප්‍රමාණය සහ valve timing එක අවශ්‍ය RPM අනුව ස්වයංක්‍රීයව වෙනස් කරයි.
ඒ නිසා:
Low RPM වලදී – ඉන්ධන පිරිමැස්ම සහ smooth driving experience එකක් ලබා දේ.
High RPM වලදී – වැඩි power, responsive acceleration සහ sporty performance එකක් ලබා දේ.
3) Transmission / Gearbox සම්බන්දයෙන් ඉතා වැදගත් දේවල් කිහිපයක්ම මේ Model වල දකින්න පුළුවන්
FD series වල gearboxes ප්‍රදාන වශයෙන් Types 2 දකින්න පුළුවන්
ඒ තමා සාමාන්‍ය Automatic Gearbox (with sensors) සහ CVT Gearbox
FD1 සහ FD 2 වල එකම වර්ගයේ – Sensor සහිත සාමාන්‍ය Auto Gearbox Model සහිත වේ
Mostly 5-speed Automatic (Torque Converter එකක් ඇත )
මේ model එකේ:
Gear sensors / shift solenoids system එකක් තියෙනවා ඒ වගේම Gear changes වෙද්දී ඔබට දැනෙනවා (1-2-3-4-5)
මෙය ඉතා ශක්තිමත් සහ නිසි නඩත්තුව මගින් දිගු කාලයක් බාවිතා කල හැකි වේ.
මෙම FD 1 සහ FD 2 automatic model එක සදහා Honda ATF DW-1 Gear Oil එක දැමීම කල යුතුවේ. මෙහි Gear pattern: P-R-N-D-D3-2-1 ලෙස දැකගත හැකිවේ.
අපි දැන් බලමු මොනවද මේ FD1 සහ FD2 Model වල තියෙන Common Auto Gearbox Issues
FD1 – FD 2 (Auto):
ගියර් මාරු කිරීමේ ප්‍රමාදය
සොලෙනොයිඩ් ගැටළු (Solenoid)
Gearbox Oil අවපැහ ගැන්වීම
මේ සදහා ප්‍රදාන වශයෙන් හේතු වන්නේ වෙලාවට නියමිත Km ගනන ඇතුලත Gearbox Oil මාරු කිරීමට නොහැකි වීම සහ බොහෝ විට ඔබ නොදැනුවත්ව නිවැරදි නොවන Oil බාවිතා කිරීමයි. මෙහිදී සිදුවන්නේ සාමාන්යෙන් මෙම model එකේ Gearbox වල Filter clean කිරීමට අපහසු වීම නිසා ඉක්මනින් Oil අවපැහැවේ. Gearbox Oil මාරු කිරීමේදී FD1 සහ FD2 සදහා 25,000 – 30,000 km අතර Gearbox Oil මාරු කිරීම වඩා සුදුසුවේ.
ඔබටත් මේ සම්බන්ධව ඇති ගැටළු සදහා අපව අමතන්න.
ඔබත් Honda Civic FD Series වාහනයක් ගැනීමට බලාපොරොත්තු වෙනවනම් හෝ තිබෙනවානම් මේ දේවල් ඔබට ඉතා වැදගත් දිගුකලක් බාවිතා කිරීමට
ඔබගේ Honda Civic FD1 / FD2 / FD4 / FD3 auto gearbox ගැටළු (jerking, slipping, delay shifting) තියෙනවාද?
ඔබගේ සියළුම Auto Gearbox ප්‍රශ්නයක් හෝ Repair සදහා අපිට කතා කරන්න.
