logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
January 7, 2024

Honda Civic කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ සිහින වාහනයක්. Civic එකක් ඔබ සන්තකයේ තිබෙනවා නම් gear box එක ගැන අවදානය යොමුවිය යුතු කරුණු 5ක් තමයි අද අරගෙන අවේ.

No 1 : Auto gear Oil leakages

ගොඩක් Civic අයිතිකරුවන් විටින් විට Auto gear Oil leakages ඇති බව කියන අතර, වාහනවලට යටින් සමහරවිට එක පාරටම Oil එකතු උන සලකුණු තිබෙන බවට චෝදනා කර තිබෙනවා. මෙය ගෙවී ගිය seals, gaskets හෝ damage උන transmission pan  එකක් නිසා වෙන්නත් පුළුවන්.

එම නිසා නිතරම ඔබගේ gear box එක නියමිත කාලයේදී service කර ගැනීම හා Oil මට්ටම පරික්ෂා කිරීම ඉතා වැදගත්. එමගින් මෙවැනි Oil leakages වලට හේතුවන දේවල් පිළිසකර කරගෙන, වැඩි වියදමකට පාර කැපෙන gearbox හානිවීම් වලින් වලකින්න පුළුවන්.

No 2 : නිසි වෙලාවට gear එකට වැටෙන්නේ නැති වීම.

මෙම ප්‍රශ්නය ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ Gear box එක තුල  Oil pressure එක අඩුවීම Oil leaks නිසා වෙන්න පුළුවන්.

ඉතින් ඔබ මේකට කල යුත්තේ මොකක්ද ? පහසුවෙන්ම කරන්න ඕනි දේ තමයි නිතරම Oil level එක ගැන කලපනාවෙන් සිටීම හා නියමිත වෙලාවට gear box services කර ගැනීම.

ඒ වගේම Oil leaks වලට තවත් හේතුවක් තමයි. ඉතා වේගයෙන් speed bumps උඩින් යාම, අනවශ්‍ය ලෙස වාහනය ගැස්සිම් වලට ලක් වීම හා කාලගුණික හේතු බලපාන්නත් පුළුවන්. එම නිසා ඔබගේ නරක driving පුරුදු වන එකවර accelerate කිරීම හා එකවර break කිරීම පාලනය කර ගන්නත් ඕනි. ඔබ වාහනය ප්‍රවේසම් කරන තරමට වාහනය ඔබගේ මුදල් හා කාලය ඉතුරු කරන බව මතක තබා ගන්න.

No 03 : Torque converter එකේ දෝෂ

ඔබ වාහනය පදවනකොට අමුතු ශබ්ධ ඇසෙනවාද? gear slip වෙනවාද? Gear Oil ඉක්මනින් අඩු වීම හෝ අදුරු වෙනවාද? ඉන්දන පිරිමැස්ම අඩුද?

 එසේනම් මේ හේතු සියල්ලෙන්ම පෙන්වන්නේ ඔබගේ torque converter එකේ ඇතුලත කොටස් වල දෝෂ හට ගැනීමක් සිදු වී ඇති බවයි.

එසේ වීමට හේතු ගොඩක් බලපාන්න පුළුවන්.

Clutch එකේ දෝෂ

Seals පරණ වීම

Torque Converter එකේ Bolts loose වීම

නරක් වූ Gear Oil

මෙවැනි දෙයක් ඔබට අත්දකින්න උන මුල් අවස්ථාවේම AutoGear විශේෂඥයෙකු වෙත ගෙන යාම කරන්න. නමුත් හොදම දේ තමයි Gear Oil  නිවැරදි කාලයේ මාරු කිරීම හා service කිරීම.

No 4 : ECM (Electronic Control Module)

Honda Civic කියන්නේ ජනප්‍රියත්වය නිසාම ඉතාමත් වේගයෙන් දියුණු උන වාහනයක්. අද දක්වාම ක්‍රමයෙන් technology එක වැඩිදියුණු කර තිබෙන වාහනයක්. එවැනි වාහනයකට ECM (Electronic Control Module) එක කියන්නේ ඉතාමත් වැදගත් unit එකක්. මෙහි ඇතිවන දෝෂ වාහනයේ ඕනෑම දෙයකට බලපෑමක් ඇති කරන්න පුළුවන්.

ඔබට Gear මාරු කරන විට තද බවක් දැනෙනවානම්,

Automatically Gear මාරු වන විට ගැස්සෙනවානම් ,

Automatic Gear මාරු වීම අක්‍රමවත් නම්

බොහෝ විට ECM එකේ දෝෂයක් වෙන්න පුළුවන්.  ECM එකේ දෝෂයක් යනු කල් දමන්න හොද නැති දෙයක්. එම නිසා ඉතාමත් ඉක්මනින් ගරාජයක් වෙත වාහනය ගෙන යන්න. 

No 05 : Gear slip වීම

ඔබ වාහනය පදවනකොට accelerate කරනකොට එක වර වේගය අඩු වන බවක් දැනෙනවාද? accelerate වෙනකොට ක්‍රමානුකුලව වේගය වැඩි නොවී අක්‍රමවත් හා අපහසු drive experience එකක් දැනෙනවාද?

මෙය gear slip වීමක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙයට හේතුව වන්නේ ගොඩක් වෙලාවට Gear Oil නිවැරදි කාලයේ මාරු නොකිරීමෙන් හා service නොකිරීමෙන් Gear Oil වල ඝනත්වය අඩුවී Torque Converter එකෙන් නියමිත Oil pressure එක ලබාදීමට නොහැකිවීමයි. මෙය 40000 km පමණ ධාවනයකින් පසු අත්දකින පුළුවන් දෙයක්.

එවන් අවස්තාවකදී කරන්න පුළුවන් ඉක්මනින්ම Best Auto gearbox service center in Sri Lanka එකකට වාහනය පෙන්වා පරික්ෂා කර ගැනීමයි. නියමිත වෙලාවට service කර ගැනීම හා පරික්ෂා කර ගැනීම් සිදු කරනවා නම් මෙවන් අත්දැකීම් මග හැර ගන්න පුළුවන්.

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2023 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate