logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
May 10, 2026

Honda Civic ES Series 2000–2005 කාලයේ නිෂ්පාදනය කළ 7th Generation Civic model එකක්. Aggressive Sporty look එකක් ඇති නිසා මෙය ඉතා ජනප්‍රිය Civic Model එකක් මේ generation එකේ ES series chassis codes යටතේ model කිහිපයක් තිබුණා.

මේ generation එකේ ES1, ES5 සහ ES8 කියන්නේ Asian markets වල බහුලව හමුවෙන chassis codes තුනක්.

මෙහිදී CVT සහ Non-CVT gearboxes දෙකම දකින්න පුළුවන්.

පෙනුමෙන් බොහෝ දුරට මෙම Model (ES 1 , ES 5, ES 😎 එකහා සමාන වුවත් 2003 වසරෙන් පසුව වැඩිපුර අපට Face Liftt Model එක දකින්න පුළුවන්.

පෙනුමෙන් models 3ක්ම සමාන වුවත්, Engine, performance සහ gearbox වල වැදගත් වෙනස්කම් තියෙනවා.

මෙම model දෙක අතර ප්‍රධාන වෙනස්කම් 3ක් තියෙනවා:

1 Engine / එන්ජිම වෙනස්කම

2.⁠ ⁠Performance & Fuel Efficiency / ධාවන හැකියාව සහ ඉන්ධන භාවිතය

3.⁠ ⁠Transmission / Auto Gearbox (ස්වයංක්‍රීය ගියර්) වෙනස්කම්

1.⁠ ⁠අපි බලමු Engine වෙනස්කම ගැන

🔹 ES1

1.5L D15B engine

VTEC සහ වැඩිපුර Non-VTEC variants තියෙනවා

✔️ Engine capacity – 1493cc

✔️ Fuel economy හොඳයි

✔️ Basic/Entry-level Civic model එකක්

👉 ES1 කියන්නේ ES8 එකට සමාන 1.5L category එකේ simpler version එකක් ඒ වගේම Japanese Domestic Market model එකක් කියලා කියන්න පුළුවන්.

🔹 ES8:

1.5L D15B හෝ D15Y engine එකක් තියෙන model එකක්. මෙහි V-tech සහ Non-Vtech Models දකින්න පුළුවන්

මෙය fuel economy එක වගේම performance එකත් focus කරලා design කරපු engine එකක්.

✔️ Engine capacity – 1493cc

✔️ Fuel efficiency – ඉතා හොඳයි

✔️ City driving සඳහා සුදුසුයි

මේවා හුදෙක් ඉන්ධන පිරිමැස්මට පමණක් නොව, VTEC තාක්ෂණය සමන්විත වන නිසා, අවශ්‍ය අවස්ථාවලදී හොඳ Performance එකක් ලබා දීමටත් සමත් වේ.

ES5:

1.6L D16W engine එකක් තියෙන model එකක්.

✔️ Engine capacity – 1590cc

✔️ ES8 වලට වඩා වැඩි power එකක් තිබෙනවා

✔️ Highway driving සහ overtaking වල හොඳ performance එකක් තිබෙනවා

2.⁠ ⁠Performance & Fuel Efficiency / ධාවන හැකියාව සහ ඉන්ධන භාවිතය

🔹 ES1

✔️ ඉන්ධන පිරිමැස්ම වැඩියි.

✔️ Daily city driving වලට හොඳයි

✔️ Pickup moderate

🔹ES8:

✔️ ඉන්ධන පිරිමැස්ම වැඩියි.

✔️ City traffic වල daily use වලට ඉතාමත් හොඳයි.

✔️ සාමාන්‍ය පවුලේ ගමන් බිමන් සඳහා වඩාත් පිරිමැසුම්දායකයි.

🔹 ES5:

✔️ Engine power වැඩි නිසා pickup හොඳයි

✔️ Highway speed maintain කරන්න සහ overtake කරන්න ඉතා පහසුයි.

✔️ Load (passengers / luggage) තිබුණත් performance stable මට්ටමක පවතී.

මෙහිදී V-TEC සහ Non Vtec Model වල එන්ජිමේ ජවය නිසා ධාවනය කිරීමේදී වැඩි උනන්දුවක් (Driving pleasure) දැනේ.

සරලව කියනවා නම්:

ES1 සහ ES8 – Fuel economy focus model (Daily running වලට ලාභදායී එක)

ES5 – Power සහ performance ටිකක් වැඩි model

3.⁠ ⁠Transmission / Auto Gearbox (ස්වයංක්‍රීය ගියර්) වෙනස්කම්

ගියර් පද්ධතිය (Transmission) ගැන දැනගැනීම මේ වාහන දෙකේම පැවැත්මට (Reliability) ඉතාමත් වැදගත්. Honda Civic ES series එකේ ප්‍රධාන වශයෙන් ගියර් පද්ධති වර්ග දෙකක් දකින්න ලැබෙනවා:

1.⁠ ⁠CVT (Continuously Variable Transmission)

ES1 එක Japanese Domestic Market model එකක් නිසා සහ බොහෝ විට CVT Auto Gearbox සහිතව ඇත. ඒ වගේම බොහෝ විට ES8 (1.5L) මාදිලියේ දකින්න ලැබෙන්නේ මේ CVT ගියර් පද්ධතියයි. මෙහි ගියර් මාරු වීමක් දැනෙන්නේ නැහැ (Smooth driving).

✔️ වාසි: ඉතාමත් හොඳ ඉන්ධන පිරිමැස්මක් (Fuel economy) ලබා දෙයි.

✔️ අවාසි: නඩත්තුව මදක් අපහසුයි. විශේෂිත වූ Honda CVTF ඔයිල් වර්ගයම භාවිතා කළ යුතුයි. සාමාන්‍ය ATF දැමුවහොත් ගියර් පද්ධතිය ඉක්මනින් අක්‍රිය විය හැක.

✔️ හඳුනාගැනීම: ගියර් ලිවරයේ P-R-N-D-S-L ලෙස සටහන් වී තිබේ නම් එය CVT ගියර් බොක්ස් එකකි.

2.⁠ ⁠Conventional Automatic (Non-CVT)

ES5 (1.6L) මාදිලියේ හෝ ඇතැම් විශේෂිත ES8 මාදිලිවල මේ සාමාන්‍ය 4-Speed Automatic ගියර් පද්ධතිය දැකිය හැකියි.

✔️ වාසි: ඉතාමත් කල් පවතින (Durable), නඩත්තුව පහසු ගියර් පද්ධතියකි. වැඩි වේගයකින් ධාවනය කරන විට සහ කඳු පල්ලම් වලදී වැඩි ශක්තියක් ලබා දෙයි.

✔️ අවාසි: CVT එකට වඩා ඉන්ධන පිරිමැස්ම තරමක් අඩු විය හැක. එමෙන්ම ඔබට මේ සදහා Honda ATF ගියර් Oil එක බාවිතා කල හැක.

✔️ ඔබට ES5 Model එක හඳුනාගැනීමට ගියර් ලිවරයේ P-R-N-D4-D3-2-1 ලෙස සටහන් වී තිබේ නම් එය සාමාන්‍ය Automatic සහිත Non CVT model එකකි.

ඔබ ES එකක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, එහි ඇත්තේ CVT ද නැතහොත් සාමාන්‍ය Automatic එකක්ද යන්න ගියර් ලිවරය (Shifter) මගින් පහසුවෙන් හඳුනාගත හැකිය. CVT මාදිලිවල සාමාන්‍යයෙන් “S” සහ “L” ගියර් පවතින අතර, සාමාන්‍ය Automatic එකක “D3, 2, 1” ලෙස දැකිය හැකිය.

ඒ වගේම

CVT Gearbox එකක් නම් සෑම කිලෝමීටර් 20,000 – 25,000 අතර වාරයකදී ගියර් ඔයිල් මාරු කිරීම සුදුසුයි. (ලංකාවේ පවතින අධික රස්නය සහ ට්‍රැෆික් තත්ත්වය නිසා මෙය කල්තියා කිරීම ආරක්ෂිතයි). සැමවිටම Honda Genuine Oil භාවිතා කරන්න.

Non-CVT නම් (බොහෝ විට ES5 1.6L):

භාවිතා කළ යුත්තේ Honda ATF හෝ එයට අනුමත නවතම Honda DW-1 ඔයිල් වර්ගයයි..

ඒ වගේම මේ Model එකේ කාලයත් සමග Gearbox ගෙවීම නිසා Jerking, slipping, delay shifting වගේ Auto Gearbox ප්‍රශ්න එන්න පුළුවන්. වෙලාවට Oil change කරල අවශ්‍ය නඩත්තු කිරීම මගින් Gearbox Repair අවම කරගන්න පුළුවන් .

ඉතින් අපි අද කතා කරේ ES 1 ES5 සහ ES8 model වල වැදගත් ම තොරතුරු කිහිපයක්. මේ Model සම්බන්නදව ඔබටත් ගැටළු හෝ Auto Gearbox ගැටළු සදහා අපිට කතා කරන්න.

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2025 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate