logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
May 25, 2024

crankshaft position sensor යනු කුමක්ද යි කියා දන්නවාද? crankshaft position sensor එක නැතුව ඔබේ වාහනයේ engine එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ තරම් වැදගත් අංගයක් තමයි crankshaft position sensor කියන්නේ.
crankshaft sensor එකේ පොඩි අව්ලක් උනත් එක වාහනයට ලොකුවට බලපාන්න පුළුවන්. ඔබේ වාහනයේ engine එක start කරන එක හා කාර්යක්ෂමව ගමන් කිරීමට මෙය උදවු කරනවා.
ප්‍රධාන වශයෙන් crankshaft sensor එක මගින් crankshaft එකේ speed එක හා crank එකේ position එක monitor කරනවා. එමගින් දෙන signal Powertrain Control Module එක වෙත යවනවා. ඉන් පසු එම signal එක මගින් තමයි වාහනයේ ignition timing හා fuel injection process එක පාලනය කරන්නේ.
ඉතින් crankshaft sensor එකේ අව්ලක් උනොත් engine එකේ කිසිම ignition එකක් වෙන්නෙත් නෑ , fuel inject වෙන්නෙත් නෑ. wiring වල අව්ල් නිසා crankshaft sensor එකට හානි වෙන්න පුළුවන්. අපි බලමු එහෙම හානි උනාම අපිට පෙන්වන ලක්ෂණ.

01. Check the Engine light එක

    ලගදී ඔබේ වාහනයේ Check the Engine light එක දැල්වී තිබුනාද? එසේනම් Crankshaft Position Sensor එකේ දෝෂයක් වෙන්නත් පුළුවන්. වාහනයේ Check the Engine light එක දැල්වීමට එකම හේතුව Crankshaft Position Sensor එකම නෙවේ. නමුත් Crankshaft Position Sensor එකේ දෝෂයක් ඇති බවට හොද ඉඟියක් එමගින් ඔබට ලබා දෙනවා. හොදම වැඩේ තමයි Check the Engine light එක සමග අපි ඊලග posts ටිකෙනුත් කියන ලක්ෂණ ඔබේ වාහනයේ පෙන්වනවාද කියා සැලකිලිමත් වීම. ඉන් පසු ඉක්මනින් සුදුසු ගරාජයක් වෙත අරගෙන යන්න

    02. engine එකේ vibration වැඩිවීම

    Crankshaft Position Sensor එක මගින් ඔබේ වාහනයේ engine එකේ vibration තත්වය නිතරම monitor කරනවා. එමගින් engine එකේ වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමට උදවු කරනවා. නමුත් Crankshaft Position Sensor එකේ දෝෂයක් ඇති විට vibration එක පාලනය කිරීමට නොහැකිව වැඩි වෙන්න පුළුවන්.

    3. engine acceleration එක අඩුවීම

    Crankshaft Position Sensor එක හා Powertrain Control Module (PCM) එක අතර signals දෝෂ සහිත වනවිට cylinders position නියමිත පරිදි පවත්වා ගැනීමට නොහැකි වෙනවා. එමගින් වාහනයේ acceleration එක අඩු වෙන්න පුළුවන්.

    04. Engine stalling/backfiring

    crankshaft position sensor එක engine එකේ උපාංග සමග ඇති සම්බන්දතාවය ඇනහිටින විට වාහනය අතරමග නවතින්න පුළුවන්. එබැවින්, වාහනයක එන්ජිම පණ ගැන්වීමෙන් පසු නැවත ක්‍රියා විරහිත වුවහොත් හෝ ටික වේලාවක් පැවතුනත් නැවත පාරේ ඇනහිටියොත් ඉක්මනින් ගරාජයකට අරගෙන යන්න. 

    05. Engine එක start කිරීමට අපහසු වීම

    Engine එක start කිරීමට අපහසු වීමට හේතු ගොඩක් බලපාන්න පුළුවන් එයින් එකක් තමයි Crankshaft Position Sensor එකේ දෝෂ.

    හොදම වැඩේ තමයි ඉහත කියපු ලක්ෂණ ඔබේ වාහනයේ පෙන්වනවාද කියා සැලකිලිමත් වීම. ඉන් පසු ඉක්මනින් සුදුසු ගරාජයක් වෙත අරගෙන යන්න

    Share:

    Awesome Image

    With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

    Get in touch

    Contact Us
    • +94 77 052 0525
    • info@automantransmission.com
    Our Address
    • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

    Other Links

    • FAQs
    • About
    • Testimonials
    • Terms And Conditions
    • Privacy Policy

    Call Now

    ©2023 Automan Transmission. All rights reserved.
    • Design & Development by Pro Digital Mate