Auto Gear වල අපි නොදන්නා දේවල් තමයි අපි කතා කරන්න යන්නේ. අද කලෙ Auto Gear පදින ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද කොයි වෙලාවටද හරි Gear එකට දාන්නෙ. මොනවද මෙ Gear වලින් ඇත්තටම කරන්න පුලුවන් කියන දේ කියන එක.
P (Position) – වාහනය park කරද්දි use කරන්නෙ. ( වාහනය නවත්තල hand break engage කරල ඊට පස්සෙ P
දාන්නෙ. නැත්නම් වාහනේ සියලුම බර gear box එකට එන නිසා gear box එකේ life time අඩු වෙනවා.)
අපි ගොඩක් දෙනෙක් දන්නේ නෑ P gear එකේ තිබෙන විට AC එක on කරන්න හොද නැති බව. AC එක on කරනවා නම් D එකට දමා ටික දුරක් ගිය පසු කරන්න ඕනි. නැති නම් 150 000 km වැනි mileage ඇති පරණ වාහන වල සියුම් දෙදිරීමක් දැනෙන්නට පුළුවන්.
තවද P එකේ තබා අපිට වාහනයේ Engine එකේ පුංචි දෝෂ බලා ගන්න පුළුවන්. වාහනය on කර P Position එකේ තබා AC නොදා බලන්න Idle එකේ වාහනයේ vibration එකේ වෙනසක් තිබෙනවාද කියල. එසේ miss එකක් දැනෙනවා නම් vibration අඩු වැඩිවීමක් දැනෙනවා නම් Engine එකේ Tune up එක බලා ගත
යුතුයි. එසේ නම් ආපසු වාහනය Off කර ටික වෙලාවක් සිට නැවත ON කර, AC එක ද ON කර බලන විට Idle එකේ දී RPM අඩු වැඩිවීමක් දැනෙනවා නම් එමගින් Engine එකේ Power එක මදි බව සහ Idle එක මදි බව කියන්න පුළුවන්. එවිට කාර් මිකයෙක් ලවා Idle එක,Tune up එක, RPM එක බලා ගන්න
ඕන.
R – වාහනය පසුපසට drive කරන්න use කරන්නෙ. – Manual වාහනයක Reverse එකම තමයි.
ඔබට සමහර වෙලාවට දැනෙන්න පුළුවන් R එකට දැමු පසු නියමිත පරිදි වාහනය ගමන් නොකරන බවක්. නැති නම් R gear එකේ දෝෂ සහිත බවක්. එතකොට ඔබ හිතන්නේ Gear box එකේ R gear එකේ යම්කිසි හානියක් වී ඇති කියල. නමුත් ඔබ 100 000 km පැදපු වාහනයක R එකෙන් ගමන් කර ඇත්තේ වැඩිම උනොත් 1000 km වගේ. එහෙනම් මුලින්ම ඔබගේ gear box එකේ හානිවී තිබෙන්නේ forward gear වලට අදාළ wheel වෙන්න පුළුවන්. Forward gear වලට අදාළ wheel 75% කට වඩා හානි වූ පසු gear box එකේ performance වලට හානි වී තමයි එය R එකට බලපාන්නේ. තවද නතර කර ඇති අවස්ථාවකදී Start
කර R එකට දැමු පසු නිසි පරිදි ගමන් නොකරන්නේ plates ගෙවීමකට ලක්වී ඇති නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැති නම් Oil leakහෝ අඩු වීමක් තිබුනත් R එක වැඩ නොකරන්න පුළුවන්.
N – වාහනය අනතුරකදි වගේ දෙයක් උනහම තල්ලු කරන්න වගේ ඕන උනොත් use කරන්නෙ. (start නොවුනත් shift lock එක press කරහම gear shaft එක N වලට ගන්න පුලුවන්).
neutral කියන්නෙ engine එකෙයි wheel වලයි සම්බන්ධය කඩන එක. Wheel නිදහසේ කැරකෙනව.
1. වාහනය නැවැත්වීමට අවශ්‍ය වන විට Break නොකර නියුට්‍රල් වෙත මාරු වීමෙන් වැඩි හානියක් සිදු නොවේ. තවද ඔබ highway එකේ යනවිට හෝ වැඩි වේගයකින් යනවිට break වැඩ කරන්නේ නැති බව දැනුනහොත් N Gear එකට මාරු කරන්න. එවිට සෙමින් වේගය අඩාළ වී වාහනය නවතා ගැනීමට හැකියි.කෙසේ වෙතත්, එය දිගු වේලාවක් නිතර නිතර භාවිතා කිරීමෙන් torque converter ට හානි විය හැකිය.
2. Auto gear. වාහනයක් Neutral කලාම එන්ජින් එක ගියර් Box එකෙන් වෙන්වුනාට රෝද ගියර් box එකෙන් වෙන් නොවෙන නිසා N එකට දමා ඇදගෙන යන විට Gear oil Temperature වැඩි වෙනවා. එම නිසා Auto වාහන N එකේ තබා ඇදගෙන යාම තරමක් හානිදායක වෙනවා. නමුත් towing
truck එකක් ගෙන ආවොත් ඇරෙන්න වෙන විකල්පයක් දැනට නැති නිසා N එකට දමා ඇදගෙන යාම කරන්න පුළුවන්. .
3. සමහරු පල්ලමක් බහින විට ඉන්දන කාරයක්ෂමතාවය වැඩි කර ගැනීමට N Gear එකේ තබාගෙන යාමට සිතනවා. නමුත් එය කිසිසේත්ම නොකළයුතු අනුවණ ක්‍රියාවක් මෙන්ම ඉන්දන කාරයක්ෂමතාවය වෙනසක්ද සිදු වන්නේ නැත.
D (Drive) – normal drive කරද්දි use කරන්නෙ. Gears ඔක්කොම shift වෙනව.
ඔබ වේගවත් වන විට, D ගියරය රෝදවලට බලය යොදන අතර එන්ජිමේ RPM එක අපේක්ෂිත මට්ටමට ළඟා වන විට ක්‍රමයෙන් ඉහළ ‘ගියර්’ වෙත මාරු වේ. වාහනය Slow වීමට පටන් ගන්නා විට, D ගියරය අඩු ගියර් වෙත මාරු වේ. “D” සාමාන්‍යයෙන් ‘ඕවර් ඩ්‍රයිව්‘ ලෙසද හැඳින්වේ. මෙය Highway වල හෝ දිගු මාරග චාරිකා සඳහා එකම RPM හි වාහනය ධාවනය කරන විට භාවිතා වේ. D Gear එකේ අපිට 180 km/ h හෝ 220 km/ h වැනි වේගයකින් යන්න පුළුවන්. D සුදුසු වන්නේ තැනිතලා පාරක යාමට පමණයි. වාහනය drive කරන අවස්තාවන් වලදී කිසි ගැටළුවක් නැතිව Break නොකර L,S හෝ 2nd වලට මාරු කරන්න පුළුවන්.
D1 එහෙම නැත්තන් Auto වාහනයක අඩුම gear එක තමයි මේක. එත් වැඩිම torque එකක් තියෙන්නේ මේ gear එකේ. මේක ඕනි වෙන්නේ මඩ ගොඩක වලවල් තියෙන පාරක යන්න උනොත් තමයි. බොහොම හෙමිට පරෙස්සමට ඒ වගේ තැනක යන්න වගේම වැඩි torque එකක් දෙමින මෙම gear එක අපිට උදව් කරනවා. ඒ වගේම break වලට අඩු බලයක් දීල වාහනය slow කරන්න ඕනි නම් D1 එකට දාල accelerator එකෙන් කකුල ඉවතට ගත්ත නම් හරි.
D2 කියන්නේ කන්දක් නගින්න හොදම gear එකක්. D1 එකේ වගේම වැඩි Torque එකක් වාහනයට දෙන නිසා මඩ පාරවල් වල, වලවල් සහිත පාරවල් වලත් යන්න පුළුවන්. ඒ වගේම ලිස්සන සුළු පාරවල් වලත් යන්න පුළුවන්. එත් D1 එකෙන් ලිස්සන පාරවල් වල යන්න හොද නැහැ මොකද එකෙන් දෙන වැඩි බලය නිසා රෝද එක තැන කැරකෙන්නත් ලිස්සා පාරෙන් ඉවතට යන්නත් පුළුවන්.
D3 Gear එකෙන් කරන්නේ මොකක්ද? ඔන්න අද අපි කතා කරන්නේ D3 Gear එක ගැනයි..
Auto Gear වාහන වල මැනුවල් වාහන වල සේ ගමන් කරන විට රියදුරුට කැමති පරිදි gear මාරු කිරිමට නොහැක.
Auto gear වාහනයක Tip tronic පහසුකම නොමැති නම් ගමන් කරන විට තවත් වාහනයක් ඉස්සර කිරිම තරමක් අපහසු කටයුත්තක්.
D3 වලට දැමු විට, පළමු ගියර් තුන (ගියර් 1, 2, සහ 3) ට lock වෙයි. D3 සමඟින්, ඔබට අවශ්‍ය වූ විට වැඩි බලයක් සහ පුළුල් rpm පරාසයක් ලබා ගත හැක. නගරය වටා රිය පැදවීමේදී, විශේෂයෙන්ම ජනාකීරණ නගරයක traffic light වල නවතමින් රිය පැදවීම සාමාන්‍ය දෙයක්. D3 වලට දැමු විට රියදුරුට පහසුව වාහන පැදවීමට හැකි වේ. එපමනක් නොව, Engine Break හැකියාව කන්දක් හෝ කන්දක් නැඟීමේදී හෝ බැසීමේදී ඉතා හොදින් සිදු වෙයි.
D3 Gear එක D වලට වඩා Pickup/ Acceleration එක වැඩි වේ. එමෙන්ම accelerator pedal එක හොදින් පාගන විට Low gear වලට automatically මාරු වෙයි. එමහින් D Gear එකට වඩා හොදින් overtake එකක් කිරීම D3 වලදී පහසු වෙයි. වාහනය පදවන රියදුරාට ඉතා පහසු අත්දැකීමක් D3 Gear එක මගින් ලබාදෙනවා.
D3 Gear එක දකින්නට ලැබෙන්නේ බොහෝවිට Honda වාහන වලයි. අනෙකුත් වාහන වල D3 Gear එකෙන් ගන්න පුළුවන් වාසි OD Button එකෙන් ගන්න පුළුවන්.
ඔබත් AutoGear වාහන පාවිච්චි කරන කෙනෙක්ද.L Gear එක Shifter තිබුනත් එයින් කරන දේ දන්නේ නැත්ද?
ඔබේ මෝටර් රථයේ ගියර් ෂිෆ්ට් එකේ L එක කියන්නේ Low කියන එක.. අඩු වේගයකින් රිය පැදවීමේදී ඔබට ඉහළ එන්ජින් බලයක් අවශ්‍ය වන අවස්ථා වලදී මෙම ගියරය භාවිතා වේ. උදාහරණයක් ලෙස, ඔබට බෑවුම් සහිත කන්දක් යන අතරතුර ඔබට ගියර් ෂිෆ්ට් එකේ L ගියර් දැමීම මගින් ඉතා ලෙහෙසියෙන් කන්ද නැගීම කරන්න පුළුවනි.. මෙමගින් ඔබේ වාහනය අඩු ගියරයක තබා ගන්නා අතරම ඉහළ Torque එකක් ගනිමින් ඉන්ධන දහනය අඩු කරයි.
තවද මෙය ලොකු පල්ලමක් පහලට බහින විට මෙය භාවිතා කල හැක / ලොකු පල්ලමකදි engine breaking විදියට use කරන්නත් පුලුවන්. මෙහිදී manual වාහන වල 1st gear එක වගේ ක්‍රියා කරන්නේ..D සුදුසු වන්නේ තැනිතලා පාරක යාමට පමණයි. වාහනය drive කරන අවස්තාවන් වලදී කිසි ගැටළුවක් නැතිව Break නොකර L මාරු කරන්න පුළුවන්. L එකේ තවත් ප්‍රයෝජනයක් වන්නේ ඇදගෙන යාමක් (On-tow) කරන අවස්ථාවකදී පාවිච්චි කල හැකි වීමයි.
L Gear එක යනු වැඩි බලයක් යෙදෙන අඩු වේගයක් දෙන Gear එකයි. D Gear එක යනු අඩු බලයක් යෙදෙන වැඩි වේගයක් දෙන Gear එකයි. ඔබ කන්දක් නගින විට, යමක් ඇදගෙන යනවිට වාහනයට අමතර බලයක් පසුපසට යෙදෙනවා. එවිට අපි භාවිතා කරන්න ඕනි වැඩි බලයක් ගන්න පුළුවන් Gear එකයි, එනම් L එකයි.
අපි ගොඩක් වෙලාවට D gear එකේම L එකේ යා යුතු පාරවල් වලද යනවා. Auto gear නිසා අවුලක් දැනෙන්නේ නැති උනත් කාලයක් යන විට D Hub එක failure වෙන්න පුළුවන්. එමනිසා කන්දක් නගිනකොට, බහිනකොට හා overtake කරනවිට පාවිච්චි කරන්න සුදුසු gear වෙනම තියෙද්දී හැම එකටම D gear එකේම ගියොත් එහි ගෙවීමත් වැඩි වෙලා gearbox එකේ lifetime එකත් අඩු වෙනවා. Auto gearbox වල lifetime අඩුවීමට L වෙනුවට D gear එකේම ගමන් කිරීම ලොකු හේතුවක්.
2nd එක කියන්නේ ගොඩක් Auto වාහන පදින අය පාවිච්චි කරන්නේ නැති gear එකක්.
2nd එක යනු overtake එකක් වැනි ක්ෂණිකව ඉහළ එන්ජින් බලයක් අවශ්‍ය වන අවස්ථා වලදී සුදුසු gear එකක්. තවද ඔබට බෑවුම් සහිත කන්දක් යන අතරතුර ඔබට ගියර් ෂිෆ්ට් එකේ 2 ගියර් දැමීම මගින් ඉතා ලෙහෙසියෙන් කන්ද නැගීම කරන්න පුළුවනි.. මෙමගින් ඔබේ වාහනය අඩු ගියරයක තබා ගන්නා අතරම ඉහළ Torque එකක් ගනිමින් ඉන්ධන දහනය අඩු කරයි. එමෙන්ම කන්දක් බැසිමෙදී එය Engine Break එකක් ලෙස ක්‍රියා කරනවා. තවද ලිස්සන සුළු මාර් ගයක යන විටත් 2 එක ඉතා සුදුසුයි.
එමෙන්ම overtake එකක් සදහා 2nd එක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ට තිබෙන ප්‍රශ්නයක් තමයි Clutch එකක් නැති නිසා Auto Gear වලදී overtake එකක් කරන විට gear මාරු කරන්න පුලුවනිද කියල. මතක තබා ගන්න ඔබ ක්‍රමයෙන් වේගය වැඩි කරන විට එම වේගයත් එක්කම 2nd එකට මාරු කල විට ලෙහෙසියෙන් overtake කරන්න පුළුවන්. **නමුත් overtake එක කල පසු අනිවාර් යයෙන් නැවත D එකට මාරු කරන්න ඕනි **. D එක මගින් ලබා දෙන්නේ අඩු RPM එකක්. එම RPM එක overtake එකක් කිරීමට performance මදි වේ. නමුත් ඔබ 40 kmph යන විට එම වේගයෙන්ම 2nd එකට දැමු විට වැඩි බලයක් gearbox එක හරහා ද ලබාදී 60 kmph දක්වා වැඩි වේගයක් ක්ෂණිකව ලබාදේ.
S කියන එකේ තේරුම Sports mode කියන එකයි. එකෙන්ම හිත ගන්න පුළුවන් S Gear එකට දැමු විට performance වැඩි වෙනවා කියන එක. S ගියරය ආවේ ගොඩක්ම CVT gear boxes තිබෙන වාහන වලට මෙන්ම Honda වාහන වලටයි. මෝටර් රථ ඉලෙක්ට්‍රොනිකව වැඩි දියුණු වෙනවාත් සමගම Sport mode එක වඩාත් සංකීර් ණ වී ඇත.
S gear දැමු විට එය ඇත්ත වශයෙන්ම එන්ජිමේ Horse power වැඩි නොකරයි, නමුත් වඩාත් Responsive, ආකර්ෂණීය සහ උද්යෝගිමත් driving experience එකක් ලබාදෙයි. එක එක වාහන වල S Gear එකේ performance වෙනස් වෙනවා. එය වාහනය සමන්විත වන තාක්ෂණය මත රඳා පවතිනවා. මොකද සමහර වාහන වල S Gear එක මගින් වැඩි වේගයකින් යන්නත් පුළුවන්.
S gear එකට දැමු විට පහත දේවල් සිදුවේ.
Throttle response එක වැඩිවේ.
Gear shift pattern එක වෙනස් වේ.
Gear shift speed එක වැඩිවේ.
S gear එකට දැමු විට වැඩි ඉන්ධන ප්‍රමාණයක් එන්ජිම වෙත යවයි. එයින් ඉක්මනින් වේගය වැඩි වෙන අතර, ඉන්ධන දහනයද වැඩි වේ.මෙහිදී gear box එකේ gear smoothly මාරුවීම සිදුවන අතර එම මාරු වීම් අතරතුර engine එකෙහි බලය අඩු වෙන්නේ නැත.
S එක යනු overtake එකක් වැනි ක්ෂණිකව ඉහළ එන්ජින් බලයක් අවශ්‍ය වන අවස්ථා වලදී සුදුසු gear එකක්. මතක තබා ගන්න ඔබ ක්‍රමයෙන් වේගය වැඩි කරන විට එම වේගයත් එක්කම S එකට මාරු කල විට ලෙහෙසියෙන් overtake කරන්න පුළුවන්. **නමුත් overtake එක කල පසු අනිවාර් යයෙන් නැවත D එකට මාරු කරන්න ඕනි **. D එක මගින් ලබා දෙන්නේ අඩු RPM එකක්. එම RPM එක overtake එකක් කිරීමට performance මදි වේ.
තවද ඔබට බෑවුම් සහිත කන්දක් යන අතරතුර ඔබට ගියර් ෂිෆ්ට් එකේ S ගියර් දැමීම මගින් ඉතා ලෙහෙසියෙන් කන්ද නැගීම කරන්න පුළුවනි.
අපි ගොඩක් වෙලාවට D gear එකේම L,S හෝ 2nd එකේ යා යුතු පාරවල් වලද යනවා. Auto gear නිසා අවුලක් දැනෙන්නේ නැති උනත් කාලයක් යන විට D Hub එක failure වෙන්න පුළුවන්. එමනිසා කන්දක් නගිනකොට, බහිනකොට හා overtake කරනවිට පාවිච්චි කරන්න සුදුසු gear වෙනම තියෙද්දී හැම එකටම D gear එකේම ගියොත් එහි ගෙවීමත් වැඩි වෙලා gearbox එකේ lifetime එකත් අඩු වෙනවා. Auto gearbox වල lifetime අඩුවීමට L,S හෝ 2nd වෙනුවට D gear එකේම ගමන් කිරීම ලොකු හේතුවක්.
Gearbox සම්බන්ධව ප්‍රශ්නයක් ආවොත් 0770 520 525 / 0710 369 369 ඔස්සේ අපිට කතා කරන්න අපි ඔයාලට උදව් කරන්නම්.