logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
February 17, 2024

ඔබ Aliion හෝ Premio වාහනයක් පදින කෙනෙක්ද? එහෙනම් Auto gearbox එකේ ඇති ගැටළු එකින් එක බලමු. Aliion හෝ Premio වල CVT automatic transmission එක්ක තමා කාර් එක ඇවිල්ල තියෙන්නේ.

1. Auto gearbox එක අධික ලෙස රත් වීම

ඔබ වාහනය පදින විට ඉතා අඩු කාලයකින් gearbox එක අධික ලෙස රත් වන බවක් දැනෙනවාද?

Toyota Premio, Allion Auto gearbox එක අධික ලෙස රත් වීමට හේතු

අඩු Gear oil level,

දෝෂ සහිත gear coolant / radiator

ක්‍රියා විරහිත වූ heat stabilizer

අධික බර වැනි විවිධ සාධක නිසා විය හැකිය.

හැකි විසඳුම් අතර නිතර Gear oil පරීක්ෂා කිරීම සහ නැවත පිරවීම, gear coolant හෝ රේඩියේටරය අලුත්වැඩියා කිරීම හෝ replace කිරීම, heat stabilizer සවි කිරීම හෝ replace කිරීම සහ අධික බර පැටවීම වැළැක්වීම ඇතුළත් වෙනවා.

අපි හැමදාමත් කියනවා වගේම Gear oil වල තත්වය හා ප්‍රමාණය මෙම gear box heat එකට හොදීම බලපානවා. CVT gearbox නිසා CVT gear Oil එකක්ම යොදා ගන්න අමතක කරන්න එපා.

අංක 02 : Gear Slip වීම

පාරේ වාහනය පදවාගෙන යන විට සමහරවිට accelerate කරන විට නියමිත පරිදි වීගය වැඩි වෙන්නේ නැති බව අත් විද තිබෙනවාද? නැති නම් නියත වේගයකින් යන විට වාහනය වේගය අඩු වැඩිවීම් වලට ලක්වෙනවාද? accelerate කරන විට නියමිත පරිදි RPM එක වැඩි වෙන්නේ නැත්ද? එසේ නම් ඔබත් Gear Slip වීම ඇත විද ඇති කෙනෙක්.

එනම් ඔබගේ gearbox එකේ Torque Converter එකේ හෝ අභ්‍යන්තර Clutch වල ඇති ගැටළු මෙයට හේතු විය හැකියි.

මෙයට ඇති හොදම විසදුම වන්නේ ඉතා ඉකමනින් සුදුසු Autogear ගරාජයකට රැගෙන යාමයි. නැවත එවන් ගැටලුවකට මුහුණ නොදීමට නම් නියමිත කාලයේදී Autogear box එකේ services හා Oil changes කර ගැනීමයි.

අංක 03 – Gear Oil Leak වීම

ගොඩක් Allion Premio අයිතිකරුවන් විටින් විට Auto gear Oil leakages ඇති බව කියන අතර, වාහනවලට යටින් සමහරවිට එක පාරටම Oil එකතු උන සලකුණු තිබෙන බව දැක තිබෙනවා. මෙය ගෙවී ගිය seals, gaskets හෝ damage උන transmission pan එකක් නිසා වෙන්නත් පුළුවන්.

එම නිසා නිතරම ඔබගේ gear box එක නියමිත කාලයේදී service කර ගැනීම හා Oil මට්ටම පරික්ෂා කිරීම ඉතා වැදගත්. එමගින් මෙවැනි Oil leakages වලට හේතුවන දේවල් පිළිසකර කරගෙන, වැඩි වියදමකට පාර කැපෙන gearbox හානිවීම් වලින් වලකින්න පුළුවන්.

අංක 04 – Solenoid එකේ දෝෂ

ඇත්තෙන්ම Solenoid එක යනු කුමක්ද? Autogear box එකේ Oil Flow එක පාලනය කිරීම සඳහා තමයි සොලෙනොයිඩ් ක්‍රියා කරන්නේ.. සමහර අවස්ථාවලදී, මෙම සොලෙනොයිඩ් අක්‍රිය විය හැකි අතර, ගියර් Slip වීම හෝ ගියර් නිසි ලෙස මාරු නොකිරීම වැනි ගැටළු ඇති කරනවා.
මේකට තියෙන විසදුම විදියට කියන්න පුළුවන් දේ තමයි මුලින්ම හොද garage එකකින් Autogearbox එකේ inspection එකක් කර ගැනීම. ඊට අමතරව TCM Reprogramming එකක් කර ගන්නත් පුළුවන්. එත් ප්‍රශ්නය විසදුනේ නැත්නම් Auto gear Oil change එකකින් විසදා ගන්නත් පුළුවන්.

අංක 05 – ECM එකේ දෝෂ

Allion හා Premio කියන්නේ තාක්ෂනය අතින් ඉතාමත් හොදින් වදිදුයුනු උන වාහන කාණ්ඩයක්.
එවැනි වාහනයකට ECM (Electronic Control Module) එක කියන්නේ ඉතාමත් වැදගත් unit එකක්. මෙහි ඇතිවන දෝෂ වාහනයේ ඕනෑම දෙයකට බලපෑමක් ඇති කරන්න පුළුවන්.
ඔබට Gear මාරු කරන විට තද බවක් දැනෙනවානම්,
Automatically Gear මාරු වන විට ගැස්සෙනවානම් ,
Automatic Gear මාරු වීම අක්‍රමවත් නම්
බොහෝ විට ECM එකේ දෝෂයක් වෙන්න පුළුවන්. ECM එකේ දෝෂයක් යනු කල් දමන්න හොද නැති දෙයක්. එම නිසා ඉතාමත් ඉක්මනින් ගරාජයක් වෙත වාහනය ගෙන යන්න.

ඔබගේ වටිනා වහ්හනයේ වටිනා gear box එක ආරක්ෂා කර ගන්න හොදම උපදෙස් අපෙන් හැමදාමත්. අපි Automan Transmission. Contact us for more details.

දිගටම අප සමග රැදී සිටින්න.

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2023 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate