
oyota Allion කියන්නේ 2000’s දශකයේ සිට 2010’s දක්වා ජනප්‍රිය Toyota Mid size sedan එකක්.
එහි 240 series (T240) සහ 260 series (T260) කියන්නේ generation දෙකක් තිබේ. මෙම model දෙකම ලංකාවේ ඉතාමත් ජනප්‍රිය Model දෙකක්.
ඒ අතර ප්‍රධාන වෙනස්කම් 3ක් තියෙනවා:
1) Engine / එන්ජිම වෙනස්කම
2) Body / Model Type (Fit vs Fit Aria)
3) Transmission / Auto Gearbox ස්වයංක්‍රීය ගියර් පද්දතියේ වෙනස්කම් ගැන අපි බලමු
අපි බලමු Allion 240 (2001–2007) Model එක ගැන
මෙම model එකේ Engines versions කිහිපයක්ම තිබෙනවා
1) Engine / එන්ජිමේ වෙනස්කම්
1.5L – 1NZ-FE
1.8L – 1ZZ-FE
යන Model ලංකාවේ බහුලව දකින්න පුළුවන්
Engine capacity range – 1496cc to 1998cc
ඉන්ධන බාවිතය හොඳයි ( Fuel economy ) (especially 1.5 / 1.![]()
Allion 240 series එක ඇත්තෙන්ම basic සහ reliable Toyota engine lineup එකක් තියෙන model එකක්.
Body / Design & Comfort ගැන කතා කලොත් Allion 240 රථයේ
Classic sedan රථයක Design එකකින් යුක්ත වේ
සාමාන්‍ය interior සහ හොද සැප පහසුවක් සහිතව නිමවා ඇත
ඒ වගේ ම Allion 240 Auto Gearbox model එක 4-speed Automatic ගියර් පද්දතියක් සහිතව ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙනවා
මෙම 4-speed Automatic Model එක ලංකාවේ ඉතා බහුලව දැකගත හැක. ඒ සදහා Toyota ATF T-IV Gearbox Oil එක බාවිතා කරනු ලබයි.
Performance & Fuel Efficiency අතින් ගත්තම Allion 240 Model එක දිනපතා බාවිතයට ඉතා සුදුසු Reliable model එකක්
ඒ වගේම Fuel Efficiency හොද තත්වයේ ඇති model එකක්
අපි බලමු Allion 260 (2007–2021) Model එක ගැන 260 series එක modern Look එකක් සහිතව සහ නවීන තාක්ෂනයත් සමග තියෙන model එකක්. මෙහි Engine model දෙකක් ප්‍රධාන වශයෙන් පහත පරිදි දකින්න පුළුවන්
1.5L – 1NZ-FE (improved tuning)
1.8L – 2ZR-FE (Dual VVT-i) යන Engine model ලංකාවේ දැකගන්න ලබේ.
Engine capacity – 1496cc to 1986cc
Fuel efficiency එක සහ Performance වැඩියි.
Toyota Allion 260 යනු ඉතා ජනප්‍රිය overall comfort + premium feel එකෙක් ගෙන දෙන Model එකක්.
Modern, stylish design එකකි
උසස් තත්වයේ Interior නිසා සහ සැප පහසුව වැඩිවේ
නව තාක්ෂනය සමග (push start, climate control, etc.) වැනි පහසුකම් සහිතවේ
දැන් අපි බලමු Transmission / Auto Gearbox පද්දතිය පිළිබධව
Toyota Allion 260 ගොඩක් දුරට ලංකාවේ CVT (Super CVT-i) Model Gearbox එකක් සහිතව දකින්න පුළුවන්.
හොද Driving experience එකක් වගේම වෙලාවට Gearbox Oil මාරු කිරීම සහ නිවැරදි Maintaiannce මගින් දිගු කලක් ඔබට බාවිතා කල හැක. CVT model සදහා Toyota CVT TC gearbox oil බාවිතා කල යුතුවේ.
වාහනය ධාවන දුර අනුව 30,000KM කට වරක් Gear Oil මාරැ කිරීම සිදු කිරීම වඩා සුදුසු වේ. එමගින් ඔබේ Auto Gearbox එක කාලයක් ඉතා හොද තත්වයෙන් පවත්වා ගත හැක.
Allion 260 Model එක ගතහොත් මුලින්ම අපි Allion 260 එකේ Performance & Fuel Efficiency ගැන බලමු
ඉතා හොද ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇත
නිවැරදි නඩත්තුව සමග Maintainance සහ වියදම් අවම වේ.
Toyota Allion එකක් මිල දී ගැනීමේදී මේ දේවල් ගැන සැලකිලිමත් ව බලන්න
CVT model එකක් නම් – Gearbox oil change history check කරන්න
260 – CVT සහ 240 Auto Gear shifting සහ smoothness එක test කරන්න
Mileage + service records හොඳින් බලන්න
මෙම Model නිවැරදි නඩත්තුව මගින් ඔබේ Allion 240 සහ 260 රථයත් ඉතා හොඳ තත්වයෙන් පවත්වා ගත හැකිවේ. ඔබගේ Toyota Allion 240 සහ 260 වාහන Auto Gearbox ගැටළු සදහා අපිට කතා කරන්න.
