
ඔන්න අද අපි අරගෙන ආවේ SUV වාහන වලට කැමති කට්ටියට ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වාහනයක්. ඒ තමයි Toyota RAV4. RAV 4 කියන්නේ ටොයෝට වල SUV සහ Compact Car යන වාහන වර්ග 2ම Crossover එකක් කියල Toyota සමාගම මගින්ම කියල තියෙනවා.
ඒ කියන්නේ SUV එකක තියෙන Controlling, full-time four-wheel drive, cargo room මෙන්ම Compact car එකක තියෙන fuel economy සහ සැප පහසුව එකතු කරලා තමයි මේක හදල තියෙන්නේ. RAV 4 කියන අකුරු “Recreational Active Vehicle with 4-wheel drive” යනුවෙනුත් “Robust Accurate Vehicle with 4-wheel drive” යනුවෙනුත් හදුන්වනවා. මෙය 5 Door SUV වාහනයක් ලෙස ලංකාවේ දැක ගන්න පුළුවන්.
මෙහි 2L 4 Cylinder engine එක 5400 rpm හිදී 120 hp නිපදවයි.
Toyota RAV4 හි එන්ජින් වර්ග ටික පහත පරිදි වේ.
3S-FE (2.0 L I4) 1994-2000
3S-GE (2.0 L I4) 1994-2000
1AZ-FE (2.0 L I4) 2000-2005
1AZ-FSE (2.0 L I4) 2000-2005
3ZR-FAE (2.0 L I4) 2008-2012
2AZ-FE (2.4 L I4). 2005-2008
2AR-FE (2.5 L I4) 2009-2012
2GR-FE (3.5 L V6) 2005-2012
අපි Gearbox ගැන කතා කරොත්
Toyota RAV4 Gear Box එක 4, 5, 6, 7-speed වර්ග කිහිපයකින් Automatic Transmission එක බලාගන්න පුළුවන්. ඒ වගේම 5 හෝ 6-speed Manual Gearbox ද ඇත.
නවීන RAV4 වල CVT Gearbox එක Gate-Type හින්දා අවශ්‍ය වෙලාවට Manually Gear මාරු කරගන්න ‘Sequential Shifting’ Mode එකත් තියෙනවා.
RAV4 1AZ engine තියෙන මොඩල් වල Non-CVT Automatic Gearbox දකින්න පුළුවන්. 2AZ engine වලට බොහොම ලෙස CVT Gearbox එක තමයි තියෙන්නේ. ඒවාටම 2WD සහ 4WD options වෙලදපොලේදකින්නට පුළුවනි.
Non-CVT Gearbox වලට Toyota T-IV / WS Gear Oil යොදාගන්නවා. මේක 25,000 km වරක් oil මාරු කරන්න සහ 75,000 km වරක් Oil Filter එක පිරිසිදු කරන්න නිර්දේශ කෙරෙනවා.
CVT Gearbox වලට Toyota CVT Fluid TC Gear Oil යොදාගන්නවා ඒ වගේම CVT Oil එක 25,000 km වරක් අනිවාර්යයෙන් මාරු කල යුතුයි සහ Oil Filter එක 75,000 km මාරු කර යුතුවේ.
මෙසේ වෙලාවට Gearbox Oil මාරු කිරීම මගින් ඔබේ RAV 4 රථයේ Auto Geabrox එක දිගු කාලයක් බාවිතයට ගත හැකිවේ.
ඔයාලට Toyota RAV4 රථයක් තියෙනවනම් Gearbox සම්බන්ධව ප්‍රශ්නයක් ආවොත් හෝ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් අවොත් අපිට කතාකරන්න 0770 520 525 / 0710 369 369 ඔස්සේ අපිට කතා කරන්න අපි ඔයාලට උදව් කරන්නම්.
