
ඔන්න අද Honda Lovers ලාට හොඳ දවසක් කියලා කියන්න පුළුවන්.අද ගෙන කාර් එක අයිති වෙන්නේ ගොඩක් තරුණ අය අතර ජනප්‍රිය civic model එකේ හත්වෙනි පරම්පරාව වෙන Honda Civic ES වලට.මේ කාර් එකේ ලෝකේ පුරා නිකුත් උන body styles හතරක් අපිට බලාගන්න පුළුවන්.ඒවගෙන් ලංකාවේ අපිට දැකගන්න පුළුවන් වෙන්නේ 4-door sedan කාර් එක වෙන ES body style ඒකේ ES8 කියන model එක.ඒවගේම ES1 ඉදන් ES5 වෙනකම් මොඩෙල් ත් ලංකාවේදී ගොඩක් බලාගන්න පුළුවන්. අපි ඉස්සරහට ඒවගේ විස්තරත් ඔයාලට අරන් එන්නම්.
2001 වර්ෂයේ ඉදන් 2005 වර්ෂය වෙනකම් civic ES8 කාර් honda සමාගම නිෂ්පාදනය කරලා තියෙනවා.මේකත් ජපානෙන් හදලා තියෙන්නේ export කරන්න බලගේනමයි. Brand new ගෙන්නලා තියෙන්නේ EXI model එක VTi එක reconditioned තමා ඇවිල්ලා තියෙන්නේ.
කාර් එකක real performance depend වෙන්නේ transmission එකත් එක්ක කියන එක අපි හැමෝම දන්නා කාරණයක් .5/6- speed manual gearbox එකක් වගේම 4/5- speed automatic CVT gearbox එකක් සහ 4/5- speed non-CVT automatic gearbox එකකුත් අපිට දැකගන්න පුළුවන්. automatic gearbox ගත්තාම Thailand වලින් ආපු D15Y gearbox එක සහ Japan වලින් ආපු D15A ,D15B සහ D17A gearbox ටික අපිට මේ කාර් වල බලාගන්න පුළුවන්. අපිට 4-speed non-CVT gearbox එක හම්බෙන්නේ ජපන් කාර් වලයි. 5-speed non-CVT gearbox එක තායිලන්තේන් ආපු කාර් වල තමා දකින්න පුළුවන්.
ඔයාගෙත් Honda Civic ES 8 එකේ gearbox එකේ replacement එකක් හෝ repaire එකක්, නැතිනම් service එකක් නම් අපිට කතා කරන්න. Manoj Automan 077 052 0525
ඊළඟට වැදගත් දෙයක් තමා අපි මේ gearbox එකේ කල්පැවැත්ම ගැන හිතන එක. ඔයාගේ කාර් ඒකේ තියෙන්නේ CVT gearbox එකක් නම් ඒ ගැන ටිකක් critically බලන්න ඕනේ වෙනවා. සාමාන්‍යයෙන් ඔයා මාසෙකට කාර් ඒකේ යන දුර 1500-2000km අතර නම් Oil change එක අපි recommend කරන්නේ 25,000-30,000 වගේම 2000-3000km අතර නම් Oil change එක අපි recommand කරන්නේ 20,000-25,000 ඇතුලත කරගන්න කියන ඒකයි.Technically කිව්වොත් CVT එකේ oil filter එක තියෙන්නේ gearbox එක ඇතුලෙමයි.ඉතින් එක පිටින් අපිට සුද්ද කරන්න මාරු කරන්න බැහැ.ඉතින් high performance තියන නිසා CVT වලදී වැඩිය තෙල් පිච්චෙන ගතිය වගේම ගෙවීම වැඩියි.එක නිසා කලට වෙලාවට oil change කරනවානම් පර්ස් එකට හොදයි. CVT Oil එක වෙන්නේ FLUID-or HMMF FLUID oil එක.non -CVT වලදී oil එක වෙන්නේ DW1 OIL එකයි. Gearbox සම්බන්ධයෙන් ඕනම දෙයක් දැනගන්න ඔයාලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ contact no වෙන 0770 520 525 හෝ 0710 369 369 වලට අපිට කතා කරන්න අපි උදව් කරන්නම්.
Engine එක ගත්තොත් ලංකාවේ තියන මොඩෙල් එකේ අපිට හම්බෙන්නේ D15Y4 1500cc 4-cylinder එන්ජිම. මේකෙදි Honda සමාගමේ VTEC තාක්ෂණයත් එකතු කරපු VTI කාර් එකක් සහ non-VTEC එන EXi කාර් එකක් වශයෙනුත් දෙකක් අපිට බලාගන්න පුළුවන්. Powertrain එක ගත්තොත් VTEC වලදී අපිට 128ක වගේ හොද horsepower එකක් ගන්න පුළුවන් 6400 rpm වලදී . ඒවගේම non-VTEC උනත් 118hp වගේ හොද අගයක් බලාගන්න පුළුවන් 6200 rpm වලදී. එන්ජිමේ කල් පැවැත්ම ගැන කතා කළොත් engine tune up එකක් කරගන්න කාලය අවාම අනිවාර්යයෙන් කරගන්න අවශ්‍යයි.ගොඩක් දුරට exaust එකෙන් සුදු හෝ කළු දුම වැඩි නම් tune-up එකකට යන එක තමා අපිනම් recommend කරන්නේ.
ඉතින් ඔයාගේ යාලුවන්ටත් මේ post එක share කරලා දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.ඒවගේම gearbox සම්බන්ධ ගැටළු හෝ ඕනෑම වාහන සම්බන්ධ ගැටලුවකට 0770 520 525 / 0710 369 369 ඔස්සේ අපිට කතා කරන්න අපි උදවු කරන්නම් ඉක්මනින් නිවැරදිව ඒක විසදගන්න.එහෙනම් නැවත තවත් අලුත් වාහනේක දැනුම අරන් එනකම් නවතින්නම්.
